අපි නොදන්න රැප්
මිහිතලයේ බිහි වූ අතිශයින් ම වැදගත් තරුණ සංස්කෘතිය වශයෙන් ඇතැමුන් සලකන "හිප් හොප්" සංස්කෘතියෙන් "රැප්" සංගීත කලාව බිහි විය. රැප් වෙන ම සංගීත සංස්කෘතියක් වශයෙන් සලකන්නෝ ද සිටිති. ඊට සිංහල තරුණ පරපුර ද විශාල උනන්දුවක් දක්වති.
ලංකාව යටත් විජිතයක් වූ කාලයේ සිංහල සංගීතය නැත්තට ම නැති ව ගියේ ය. 'නිදහස' ලැබීමෙන් පසු සංගීතඥයෝ පිරිසක් ඉන්දිය මොඩලයේ සංගීතයක් ලංකාවේ බිහි කිරීමට වෙහෙසුණහ. තවත් කිහිප දෙනෙක් දේශීය ගායනා ක්‍රම ඇසුරෙන් ජාතික සංගීත සම්ප්‍රදායක් ගොඩනැගීමට වෙහෙසුණහ. නව පරපුරක් රැප් සංගීතයෙන් ජාත්‍යන්තරයට ගැලපෙන සංගීතයක් නිර්මාණය කරන්නට සිතති.
මේ සියලු කටයුතු පිළිබඳ ව විමසන මෙම ග්‍රන්ථය සංගීතය පිළිබඳ ඇල්මක් දක්වන ඕනෑ ම අයෙකුට දැනුම හා අවබෝධය ලබාගත හැකි කෘතියකි. විශේෂයෙන් ම රැප් සංගීතයට ඇල්ම දක්වන තරුණ පරපුර කියවිය යුතු ම අත්පොතකි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.