පුරාණ සිංහලේ - භාරත යක්ෂ ඉතිහාසය හෙළි කරන ලංකා පුවත
"සිංහල රටේ බුදු සසුන පිහිටුවීමට කාලය පැමිණ ඇතැයි තීරණය කළ සියලු යක්ෂයෝ මන්ත්‍රගෙට රැස්වී සමාගම පවත්වා අවන්ති රටට දූතයින් යැවූහ. අවන්ති නුවර සෝභ රජු සිය මාමණ්ඩිය වූ ධර්මාශෝක චක්‍රවර්ති රජුට මෙපුවත් දන්වා යැවූ කල්හි අශෝක චක්‍රවර්ති රජු වේසාලිපුත් මහින්ද තෙරුන් ප්‍රධාන ධර්ම දූතයින් පිරිස සිංහල රටට පිටත් කළේය. මහාතිත්ථ වරාය රැකි යක් සෙනවියෝ අප නෑදෑ වේසාලි පුත් මහින්ද තෙරුන් පැමිණියහයි ජයඝෝෂා නංවමින් තෙරුන් වහන්සේ පිළිගෙන බෙර දවුල් තම්මැට්ටම් ගසමින් නානා වස්දඬු පිඹිමින් නානා වෙන වයමින් සාදු කාර දෙමින් තෙරුන් වහන්සේ මිහින්තලාවට කැඳවාගෙන ගියහ. මිහින්තලයේ ආරාමයට පැමිණි කාකවන් තිස්ස රජතුමා දූත පිරිස මුණ ගැසුණේය. මිහිඳු හිමියෝ තිස්ස රජතුමා ප්‍රමුඛ සියලු පිරිසට කාක බසින් දහම් දෙසුහ. මෙපරිද්දෙන් යක්ෂයෝ ශාස්තෘන් වහන්සේ ඔවුන්ට ඉගැන්වූ ධර්මය සිංහල දීපයේ ධර්මය බවට පත් කළහ. යක්ෂයෝ සියලු ආරාම දෙවොල් බෞද්ධ විහාර බවට පත්කරගෙන සිංහල ද්වීපය බුදුන්ගේ නමට කැපවූ රට බවට පත් කළෝය."
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.