Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ඉතිහාසය / ඇමෙරිකානුවන් දුටු ලක්දිව සිරිය

ඇමෙරිකානුවන් දුටු ලක්දිව සිරිය

About this book

දහනමවන සියවසේ දී හා විසිවන සියවස මුල ලංකාවට පැමිණි විවිධ ඇමෙරිකානුවන් දස දෙනෙකු විසින් රචිත රචනාවල සිංහල පරිවර්තන මෙම ග්‍රන්ථයෙන් ඉදිරිපත් කොට ඇත. මෙවා බොහොමයක් ලංකාවේ දී ඔවුන් මෝහනයට පත් කරන ලද මනරම් ස්වභාව සෞන්දර්යය, ඔවුන්ගේ අත්දැකීම් හා නිරීක්ෂණ විස්තර කෙරේ. මේ හැරෙන්නට ගාල්ල, මහනුවර හා නුවරඑළිය පිළිබඳව නොයෙකුත් ලේඛකයන් ඉදිරිපත් කර ඇති විස්තර අතිශයින් මනස්කාන්ත ය. 

ඇතැම් රචනා රාජ්‍ය ප්‍රතිපත්ති මෙන් ම සමකාලීන සමාජය පිළිබඳ ශාස්ත්‍රීය අධ්‍යයන සඳහා ද උපයෝගි කරගත හැකි තොරතුරුවලින් යුක්ත ය. උදාහරණයක් වශයෙන් හෙන්රි ස්ටීල් ඕල්කොට්ගේ රචනය දැක්විය හැකි ය. එවක පැවති ක්‍රිස්තියානි මිෂනාරි කටයුතුවල ස්වභාවය මෙන් ම ඊට බෞද්ධයන්ගේ එල්ල වූ විරෝධයත්, ඕල්කොට්ගේ පුරෝගාමීත්වයෙන් මෙරට බෞද්ධ පුනර්ජීවනයක් ආරම්භ වූ අන්දමත් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට එය උපකාරී වේ. වික්ටර් හෙයිසර්ගේ රචනයෙන්, රොකෆෙලර් පදනමේ වෛද්‍යවරයෙකු මෙරට වතු වගා ආශ්‍රිතව ජීවත් වූ ජනයා අතර පැතිර තිබූ කොකුපණු රෝගය තුරන් කිරීමට ගත් උත්සාහය මෙන් ම ස්වකීය ආර්ථික ලාභයෙන් ම මෙහෙයවන ලද වතු හිමියන්ගේ ප්‍රතික්‍රියාවත් ප්‍රකට වේ. තව ද එම රචනය මඟින් 1915 සිංහල - මුස්ලිම් කෝලාහලය පිළිබඳවත් කිසියම් අදහසක් ලබා ගත හැකි ය. සැමුවෙල් ෆ්‍රීස්ක් ග්‍රීන්ගේ වාර්තාව හින්දූන් අතර පැවති මිථ්‍යා විශ්වාස විස්තර කරයි. 

මෙනයින් බලන කල ඇමෙරිකානුවන් දුටු ලක්දිව සිරිය නම් ග්‍රන්ථය සාමාන්‍ය පාඨකයාට මෙන් ම ඉතිහාසය, මානව විද්‍යාව බඳු විෂයයන්ට අදාළ ශාස්ත්‍රීය අධ්‍යයනයන්හි යෙදෙන්නන්ට ද ප්‍රයෝජනවත් බව සඳහන් කළ හැකි ය. එම කෘතිය රචනා කළ මනෝ ප්‍රනාන්දු මහතාට අපගේ ප්‍රශංසාව හිමි විය යුතු ය. 

කේ. එම්. පී. කුලසේකර

විශ්‍රාමික මහාචාර්ය, 

ඉතිහාසය අංශය, කැළණිය විශ්වවිද්‍යාලය.

ISBN
9789556565591
පිටු ගණන (Pages)
144
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඇමෙරිකානුවන් දුටු ලක්දිව සිරිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.