Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / ධාතු විස්තරය
About this book

ධාතු විස්තරය

ගයාන් චානුක විදානපතිරණ

ධර්මය සහ ධාතු යන වචන ද්වයය ම දැරීම් අර්ථයෙන් සාම්‍යයක් උසුලයි. සත්ත්‍වයා සතර අපායට වැටෙනු නොදී දරනු ලබන්නේ ධර්මය විසින් වන අතර මූලික කාරක ශක්තිය හෝ පූජනීය ශ්‍රේෂ්ඨ විචිත්‍ර තත්ත්‍වය හෝ රැඳී ඇත්තේ යම් බඳු තැනෙක්හි ද එය ධාතු නම් වෙයි. ධර්මජ ධර්මභූත භාග්‍යවත් සම්බුද්ධ චරිතාබද්ධ විවිධ භෞතික ද්‍රව්‍යාත්මක කොටස් ද ධාතු ලෙසින් සම්භාවිත වී ඇති අතර එකී සම්බුද්ධ ධාතු වර්ණනාව ලේඛන දේශන චින්තන විෂයය අතික්‍රාන්ත වන බව සත්‍යයකි.

නානාවිධ තිරශ්චීන සත්ත්‍වයන්ගේ දන්ත, නඛ, චර්ම, රෝම ආදිය මිනිසුන් සඳහා ලෞකික වශයෙන් පමණක් උපකාරක වෙද්දී ශ්‍රී සර්වඥ ශාරීරික සහ පාරිභෝගික ධාතු ඔස්සේ ලෞකික සහ ලෝකෝත්තර සුබ සාධනය කවරෙකුට කෙසේ වත් වාරණය කළ නොහැකි ය.

කැලණිය විශ්ව විද්‍යාලයයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ බාහිර කථිකාචාර්ය, කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙණේ ආචාර්ය ගයාන් චානුක විදානපතිරණයන්ගේ ධර්මමය රචනා චාතූර්යය පිළිබිඹු කරන නවතම කැඩපත වූ "ධාතු විස්තරය" නම් ග්‍රන්ථය සැබැවින් ම ග්‍රන්ථ ධාතුවකි. සම්බුද්ධ ධාතු පිළිබඳ ප්‍රාමාණික වූ ද දුර්ලභ වූ ද අග්‍රගණ්‍ය වූ ද ශුද්ධෝත්පාදක වූ ද තොරතුරු සමුදායයකින් මෙම ග්‍රන්ථිය විසිතුරු වෙයි. තවද එකී ධාතු ස්ථාපිත පූජ්‍යස්ථානයන්ට අදාළ වර්ණවත් ඡායාරූපාවලියකින් ද කෘතිය සමලංකෘත වී ඇත. විද්වද් ජනයාගේ නැණ පමණක් නොව ගුණ ද සද් ජනයාගේ ගුණ පමණක් නොව නැණ ද පුබුදුවාලීමට සමත් “ධාතු විස්තරය” "ථූපාරහ” නොවේ යයි කාට නම් කිව හැකි ද ?

අළුබෝමුල්ලේ ධම්මාලංකාර හිමි

ISBN
9789555516129
පිටු ගණන (Pages)
248
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ධාතු විස්තරය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.