කුල ක්‍රමයේ හැරවුම් බිම තනිවැල්ලේ රජ පරපුර
එදිරිල්ලේරාළ හෙවත් දුමිංගෝ කොරයා ඝාතනයෙන් පසු මාදම්පේ රාජධානියේ පාලනය හිමි වූයේ ආණ්ඩුකාරයාගේ සහ කොචින්හි බිස්කුන්ගේ හිතවතකු වූ ලන්සරෝට් ද සොයිසාටය.
ආණ්ඩුකාරයා පත් කළ විශේෂ නිලධරයකු වශයෙන් මාදම්පේ රාජධානිය භාරගත් ලන්සරෝට්, තනිවැල්ල රජුගේ මාලිගාවේ පදිංචියට පැමිණියේ ය. ඔහුගේ බිරිඳ, දරුවන් සහ කොචින් නෑයන් විශාල පිරිසක් මාදම්පේ රාජධානියට ආ හ.
සිංහල රාජකාරි ක්‍රමය මලබාරයේ ක්‍රමයට අනුකූල ව වෙනස් කිරීම, ලන්සරෝට් විසින් මාදම්පේ රාජධානියේ සිදු කරන ලද පාලන ප්‍රතිසංස්කරණයකි. එමගින් රාජධානියේ සිංහල වැසියන් මාදම්පේ බලවත් ව සිටි පෘතුගීසි මලබාරයන්ගේ ප්‍රවේණි දාසයන් බවට පත් කිරීමට ලන්සරෝට් සමත් විය. මේ ප්‍රවේණි දාසයෝ ඉඩම් හිමියන්ගේ වාසගම් යටතේ ලේඛන ගත කරන ලදහ. මේ නිසා මාදම්පේ රාජධානියේ විසූ සිංහලයන් විශාල පිරිසකට පෘතුගීසි වාසගම් ලැබුණි.
ලන්සරෝට් ලංකාවට හඳුන්වා දුන් මලබාර් කුල ක්‍රමය සහ ප්‍රවේණි දාස ක්‍රමය පාලකයන්ට ඉතා වාසිදායක වූයේ ය. හැම පුද්ගලයෙකුට ම කුලයක් සහ වෘත්තියක් ලැබුණි. ඒ කිසිවකුට වැටුප් නො ලැබුණි. මේ වාසිය නිසා පෘතුගීසීන්ගෙන් පසු මාදම්පේ රාජධානියේ බලයට පත් ලන්දේසීහු ද ලන්සරෝට්ගේ ප්‍රවේණි දාස ක්‍රමය භාවිත කළහ.
ලන්සරෝට් ස්වකීය මලබාර් නෑයන්ට ඉඩකඩම් හා නොයෙකුත් වරප්‍රසාද පිරිනැමුවේ ය. මාදම්පේ රාජධානියට අයත් තොටුමුණු ප්‍රදේශ සියල්ලක ම ක්‍රිස්තියානි ආගම අදහන මලබාර් ප්‍රභූන් පිරිසක් බිහි වීම ඔහුගේ වැඩපිළිවෙළේ ප්‍රතිඵලයකි. මොවුන්ගේ සූරාකෑමට ලක් වූ සිංහල බෞද්ධයන්ගේ තත්ත්වය කොතරම් අවාසනාවන්ත වී ද යත් අවස්ථාව ලත් සැණින් සිංහල රාජ්‍යයට පලා යෑම ඔවුන්ගේ ප්‍රතිපත්තිය වූයේ ය. ලංකාවේ පෘතුගීසි ඉතිහාසය ලියුවෝ, එදා සිදු වූ ඒ විපත ගැන සඳහන් නො කරති.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.