71 කැරැල්ල යාපනය
71 කැරැල්ලේ දී, එවක රැඳවුම් නියෝග යටතේ යාපනය කොටුවේ පිහිටි හිරගෙදර රඳවා සිටි විජේවිර මුදා ගැනීම උදෙසා, ප්‍රහාර මාලාවක් දියත් කෙරෙයි.
ඒ සඳහා සක්‍රීය ව දායක වූ දස දෙනෙක් සිය අත්දැකීම් මෙම ග්‍රන්ථයට අකුරු කරති.
අත්අඩංගුවට ගනු ලැබීමේ දී ද, පොලිසියේ දී හා සිරගෙදර දී ද, හැමන්හිල් දූපත් බළකොටුවේ ගුහා සිර කුටි තුළට ගාල් කිරීමේ දී ද, අවසන නිදහස් වන මොහොත දක්වා ද වූ අපූර්ව සිදුවිම් සමුදාය එමඟින් විවිධ හැඩතල ඔස්සේ විදාරණය වෙයි.
නූතන පාඨකයාට එදා පසුබිම සමිප කරවනු වස් විවිධ මූලාශ්‍ර ඇසුරින් සැකසූ ලේඛන, සංඛ්‍යා දත්ත හා ඡායාරූප ඇතුළත් මාහැඟි පරිශිෂ්ටයකින් කෘතිය විස්තාරණය වෙයි.
එනයින් කුතුහලාත්මක පාඨකයා ද, ප්‍රබන්ධ සාහිත්‍ය රසිකයා ද, සමාජ දේශපාලන ක්‍රියාකාරිකයා ද, ශාස්ත්‍ර ගවේෂී පරිශීලකයා ද, එක සේ කෘතිය වෙත ඇද බැඳ ගනියි.
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.