Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / කිණිහිරක ගිනියම

කිණිහිරක ගිනියම

About this book

 

මළකා මොටටව යාමට තිබූ අසිපත් තියුණූ කළ

කිණිහිරක ගිනියම

 

යුධ හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුව

කර්නල් (විශ්‍රාමික) සුරංග නිරෝෂණ මනතුංග

RWP, RSP, USP, MSC

 

"මල්ලි... දකුණු පැත්තෙ ඉන්න එකාගෙ ටාගට් එක මම ගන්නවා, උඹ වම් පැත්තෙ එකා ටාගට් කරපං, අපි දෙන්නගේ ෆයර් එකේ ගැප් එක මිලි සෙකන්ඩ් එකයි තියෙන්නේ ඕනේ...’’

කොටි ත්‍රස්තවාදීන් විසින් 7500කට අධික වාර ගණනක් බිඳ දැමූ සටන් විරාම ගිවිසුම ප්‍රථම වරට නිලලත් ලේබලය යටතේ බිඳ දැමීමට මා සූදානම්ය. සිව් වැනි ඊලාම් යුද්ධය නිල වශයෙන් පටන් ගැනීමට නියමිතය. ලුතිතන් චාමික කරුණාතිලකගේ හුස්ම වැටෙන ශබ්දයේ වේගය රිද්මයකට මට ඇසුණද සටන් විරාම ගිවිසුම් කාල සීමාව තුළ යුද හමුදාවට බැඳුණු ඔහු සතුරෙකු ඉලක්ක කර එල්ල කිරීමට යන පළමු උණ්ඩය නොවරදින බව මට විශ්වාසය.

සියල්ලෝම බලා සිටින්නේ මගේ දකුණතේ දබරැඟිල්ල තද වන තුරුය. අයෙකු පණ අදින මොහොතක හෝ ඉල්ලන අවසාන ඉල්ලීම ජීවිතය නොව 'වතුර' යන මහඟු වස්තුවයි. දහස් ගණනක් අහිංසක ජනතාවට එය අහිමි කර, එම ස්ථානය මුර කරමින් තවදුරටත් සිනාසෙන මෙම මෘගයන් ඉලක්ක කළ අප දෙදෙනාගේ අව්වල දර්ශක සමපාතව ඇත. ඇවැසි වන්නේ ට්වරය මිරිකීමට මොළයෙන් දෙන සියුම් පණිවිඩය පමණි. පීඩාවට පත් සමස්ත ජන සමූහයම උදෙසා මොළය එම පණිවිඩය දීමට තවත් පමා වූයේ නැත. කොටි ත්‍රස්තවාදීන් කඩ කළද, සමස්ත ත්‍රිවිධ හමුදාවම වසර ගණනාවක් මුළුල්ලේ සුරැකි සටන් විරාම ගිවිසුම මාගේ ටිගරයේ මිරිකීමත් සමඟ බිඳී ගිය අතර මිලි තප්පරයක පමාවකින් ඉගිල්ලී ගිය ලුතිතන් චාමික කරුණාතිලකගේ උණ්ඩයද නිවැරදි ඉලක්කය සොයා ගියේය.

 

 

Details
ISBN
9786244220607
පිටු ගණන (Pages)
464
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Customer Reviews 1
  1. Best book
    දිවී පිදූ රණවිරුවන් නිසා හුස්මගන්න , ලේ හැලූ රණවිරුවන් නිසා හදවත ස්පන්දනය වන සෑම ශ්‍රි ලාංකිකයෙක්ම කියවිය යුතු පොතක්
    S&S ·
Write a review

You're reviewing: කිණිහිරක ගිනියම

Reviews are published once a member of our team has read them.