මදිවාදිනී
"තුප්පාක්කි කීළේ පෝඩු ඉවල් මන්ඩෛ නොරුංග වෙඩි සුඩ මුන්න.” (තුවක්කුව පාත දාපන් මේකිගේ ඔළුව කුඩුවෙන්න වෙඩි තියන්න කලින්.)
දත්මිටි කමින් කෑ ගැසූ කොටි ත්‍රස්තවාදියාගේ රෞද්‍ර මුහුණ භීතියෙන් ඇලළී තිබුණි. ඔහු විසින් ප්‍රාණ ඇපයට ගනු ලැබූ යුවතියගේ නළලත වූ රතු පැහැති තිලකය දහඩියෙන් දිය වී දෙකපුල් හරහා ගලා යමින් තිබුණි. දෙකොපුලෙන් රූරා වැටුණු දහඩිය බිඳු වේගවත් කිරීමට නෙත්වලින් ගලා ආ කඳුළු ධාරා යුහුසුලු විය. ස්වභාවයෙන්ම පමණට වඩා විශාල වූ ඇයගේ දෙනෙත් භීතියෙන් තවත් විශාලව මුහුණට අමුතු අලංකාරයක් එක් කර ඇති බැව් ඇය ඉදිරියේ තුවක්කුව මානා ගත් සොල්දාදුවාට සිතුණි.
"කඩවුළ් සත්තියමාහ නාන් ඉවළෛ කොල්ලුවේන්!” (දෙයියන්පල්ලා මම මේකිව මරනවා!)
ත්‍රස්තවාදියාගේ දෙවන විධානයද නිකුත් වූයේ පළමු විධානයට කිසිදු සැලකිල්ලක් නොවූ කලය. තෙවන විධානයක් බලාපොරොත්තු විය නොහැකි බව දත් තරුණිය සිහින් කෙඳිරියක් නගා විසල් දෑස් වසාගත්තේ වෙනත් කිසිදු විකල්පයක් නොමැති බව දත් හෙයිනි. තරුණියගේ හිසට ඉහළින් වූ ත්‍රස්තවාදියාගේ නළල් තළයෙහි හරි මැද ඉදිරියෙන් සිටි සොල්දාදුවාගේ ඉලක්කය වී තිබුණි. ඉලක්කය නොවරදින බව දනිතත් තමාගේ වෙනස් වන එක් ඉරියව්වක් කරණ කොටගෙන තද වන ත්‍රස්තවාදියාගේ දකුණතෙහි දබරැඟිල්ල හේතුවෙන් තරුණියගේ දකුණු කන අසල දැනටමත් තද වී ඇති ත්‍රස්තවාදියාගේ අවියේ ‛මසල් එන්ඩ් එක’ හරහා යන උණ්ඩය ඇයගේ හිස පසාරු කරගෙන ගොස් වහලයේ දිරාපත් ටකරමද සිදුරු කරගෙන, එම පාපයද තමාගේ ගිණුමට බැර කරගෙන ඉගිල්ලී යන බව දත් සොල්දාදුවා තම තීරණය මොහොතකට වෙනස් කළේය.
"බඩී, වෙපන්ස් පාත දාපං!”
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.