බුල්මෝනියන්
1942 වර්ෂයේදී කොකෝස් දූපත් සමූහයේ දූපතක් වූ හෝර්ස්බර්ග් දූපතෙහිදී කොකෝස් මියුනිටි’ හෙවත් කොකෝස් දූපත් කැරැල්ල නමින් හැඳින්වෙන ගැටුම ලාංකික යුධ ඉතිහාසයේ කළු පැල්ලමක් වැනි වුවද, එය අධිරාජ්‍යවාදයට එරෙහිව ලාංකික හමුදා සෙබළුන් පිරිසක් විසින් දියත් කරන ලද අවසාන කැරැල්ල ලෙස ඉතිහාසගත වී ඇත.
කොකෝස් දූපත් තුළ බොම්බාඩියර් (කෝප්‍රල්) ග්‍රේෂන් හර්බට් ප්‍රනාන්දු ඇතුළු පිරිස දියත් කළ කැරැල්ල; සම්මුති මරණය, විඤ්ඤාණය සහ මරණයෙන් මතු ජීවිතය පිළිබඳ ආගමික විශ්වාසයන් සමඟ සරල විද්‍යා න්‍යායන් මිශ්‍ර වී ප්‍රබන්ධ නිර්මාණයක් ලෙසින් බුල්මෝනියන් පුස්තකාරූඪ විය.මිය යන විට වයස විසි අටක් වූ ග්‍රේෂන් හර්බට් ප්‍රනාන්දුට මුහුණ දෙන්නට වූ සිදුවීම් දාමය, පුරා පරිච්ඡේද විසි අටක් තුළින් ගෙනහැර පෑමට දැරූ වෑයමක් ලෙසද බුල්මෝනියන් හඳුන්වා දිය හැකිය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.