Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සිකුරාජධී
About this book

ඉන්ද්‍රඛීලයක් කියන්නෙ නගරෙක මහ වාහල්කඩ හිටවන බෝම හයිහත්තිය තියෙන මහ කණුවක්. ඇතෙක්ට අලියෙක්ට තියා, ඔය ඉන්ද්‍රඛීලෙ හොල්ලන්ට කල්පාන්තෙ වෙලාවෙ හතර දිගින් හමන වේරම්භ වාතෙටවත් බැරුවා. මයෙ දළදා හාමුදුරුවො කියන්නෙත් මේ සිංහල පොළොවෙ මුල් බැහැපු ආං ඒ වගේ ඉන්ද්‍රඛීලයක්! ඒ ඉන්ද්‍රඛීලෙ මේ ඉරහඳ යට පවතිනතාක්කල් උඹෙ නමගමත් මේ පොළොවෙ රඳාවි!

ISBN
9786245572946
පිටු ගණන (Pages)
208
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. වෙනස්ම රසයක්.
    ඔන්න ගොඩක් කාලෙකට පස්සෙ අපේ කෙනෙක්ගෙ, එහෙමත් නැත්තම් ග්‍රන්ථ කතුවර සමාජයේ ඉන්න කතුවරයෙකුගේ පොතක් කියවන්න අවස්ථාවක් ලැබුණා. මම චන්දික අබේවික්‍රම අයියගෙයි කේශාන් හර්යේශු අයියගෙයි(මම මෙතන අයියා කියල මේ දෙන්නව හදුන්වන්නෙ ඇහින් දැකල නොතිබුණත් ලංකාවෙ තරුන කතූවර සමාජයේ මම වැඩියෙන්ම ඇලුම් කරන කතුවරයො දෙන්න විදියට එයාල දෙන්නගෙ පොත් වලින් මම ගොඩක් ඒ දෙන්නට සමීප හින්දා)අලුත්ම පොත් ටික පෙර ඇනවුම් කරල ගෙන්නගත්තත් මේ පොත ටිකක් කියවන්න කල්ගත් උනා. ඒකට ප්‍රදානම හේතුව උනේ මේ පොතේ කවර සැකසුම. මම ගොඩක්ම කැමති විද්‍යා ප්‍රභන්ද කතා කියවන්න. ඒ හින්ද තමා මුලින්ම කේශාන් හර්‍යේශු අයියගෙ පොත් දෙක කියවල ඉවර කරේ.????ඇත්තටම මම හිතුවේ මේ පොත අපගේ උතුම් ග්‍රී දලදා වහන්සේ පිලිබද අප්‍රකට කතා පුවතක් ඇති පොතක් කියලා. ඒ හින්දම මම මේක මගේ පොත් රාක්කෙ ඉතිහාස පොත් කොටසෙනුත් තියල තිබ්බා ????. ඉදල ඉදල කියවන්න පොතක් නැතිම තැන තමා මේ පොත මම අතට ගත්තේ ????. මුලින්ම පිදුම කියවල බැලුවම පොඩි කුකුසක් ආවා. ඒකත් අරන් මම ගියා ඉස්සරහට. පොතට පෙර කොටසෙදි තමා තේරුනේ මේක එහෙම එකක් නෙමේ කියලා.

    පොතේ මුලිම්ම අතීත කතාවට ආරම්භයක් දීල තිබුණා. ඊටපස්සෙ ලස්සන ගැහැනු චරිත දෙකක් (තාරු,රේ) කතාවට ගෙනත් තිබුනා. ඒ චරිත දෙකයි, භාශා හැසිරවීමයි, මේ වර්තමාන පසුබිම එක්ක කතාව ගොඩනගල තිබුන හින්ද ගොඩක් සජීවී වගේ දැනුනා මේකෙ ආරම්භයම. ටිකක් ඉස්සරහට කියවන් යද්දි හොදටම තේරුණා මේක ආදර කතාවක් නේද කියලා.(මම පවුද්ගලිකව කැමති නෑ ආදර කතා වලට). ඒ උනත් මේකෙ තිබ්බ සජීවී ගතිය නිසාම මට මේක කියවන්න හිතුනා. ක්‍රිස්තු වර්ශ 1764 ඉදන් මේ වෙනකන් ආ ලස්සන ආත්මීය ආදර කතාවක් තමා ඉතිං මේකෙ තියෙන්නෙ. ඇත්තටම කිව්වොත් වර්තමානය හා අතීත කතාවන් දෙක ලස්සනට එකිනෙකට ගලපලා මේ නවකතාව ලියල තියනවා. මම කතාව කියන්න යන්නෙ නැහැ ඉතිං.මගේ විචාර හැකියාව බිංදුවයි ????. ඒ වගේම මම සිංහල භාශාව, ඉතිහාසය හා ව්‍යාකරණ ගැන හසල දැනුමක් තියන කෙනෙකුත් නෙමෙයි. මේ ලියපු ඒවගේ භාශාමය හෝ ලිකිත වැරදි තියෙන්න පුළුවන්.(චන්දික අයියට ඒව හොදට පේනවා ????) ඒ ගැන සමාව ඉල්ලා සිටිනවා. තව එකක්, අයියා මගෙන් පොත කියවලා අදහසක් දෙන්න කියල තිබුණත් මේ ලස්සන පොත පොත් රාක්කෙ මෙච්චර කාලයක් මුල්ලකට කරල තිබ්බ එක ගැනත් සමාව ඉල්ලනවා.
    Kasandun Jayathisara ·
Write a review
Write a review

You're reviewing: සිකුරාජධී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.