Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / පප්ඵටක
About this book

ඉක්මන් අඩි තබමින් තමා ඉදිරියට එන ස්ත්‍රී රුව දුටු මඳ කිපුණු ඇතාගේ නෙත්වල කනීනිකා සිදුරු විසල් වී ගියේය. ඌ හොඬ ඔසොවා මහ හඬින් කෑගැසුවේය. එහෙත් ස්ත්‍රී රුවේ පසුබෑමක් නම් නොවීය. එහෙයින්ම ඇතා නොමඳ කලබලයට පත් විය. ඌ නැවතත් අනතුරු ඇඟවීමක් ලෙසටදෝ, ඉදිරි පය දෙක ඔසොවා පොළොව දෙදරන සේ බිම ඇන හොඬ ඔසොවා කෑගැසුවේය. එහෙත් හුළුඅත්ත අතින් ගත් ගැහැනියගේ ගමන නම් බාල නොවීය. ඇතා එවර විපිළිසරව ගිය ගතියකි. එවර ඌ පිට කළ හඬ යම් අපහසුතාවයකට පත් ගතියක් පෙන්නුවේය. නොබා ඉදිරියට ගිය ගැහැනිය, දකුණතෙහි වූ හුළුඅත්තෙන් තමාට වඩා දෙගුණයකටත් වඩා උසැති මහඇතාගේ පපුතලයට පහර දුන්නාය!

පසුබිමෙන්, බිමට සමතළා වූ මහා පව්වක් සේ දණ බිම ඔබා තනි දළය පොළොවේ ඇන හොඬෙන් සන්සුන් සහ අදරැති ‘ගොර ගොර’ හඬක් නඟන මද ගලන ඇතාය. හාත්පස, ගිනිගත් කනමැදිරියන් සේ කැරැකෙමින් නළියමින් දිලියෙමින්  සුළඟට හසුව රඟන කිණිහිරියා මල් බඳු හුළු දඹු ගොන්නය. ඒ සියල්ලට ඉදිරියෙන්, ඒවා පසුබිම් කරගෙන මඳ සුළඟේ ලෙළෙන නෙරි පොටද සහිතව දණට හැඳි චීත්තයත් තද රතු පෑ හැට්ටයත් හැඳ පිටුපසට කර බැඳි කොණ්ඩ ගෙඩිය සහිත රළු පෙනුමැති කෙසඟ ගැහැනියය.

සිරිසේන වෙදනා වෙවුලමින් දණින් වැටුණේය.

“දෙයියෝ බුදුවන්ඩ, දත්‍වදංගහවැවේ කිරිඅම්මා!”

ISBN
9786245572618
පිටු ගණන (Pages)
216
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පප්ඵටක

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.