පප්ඵටක

Special Price රු. 720.00 Regular Price රු. 900.00
In stock
SKU
papphataka-chandika-abeywickrama-grantha-publishers

ඉක්මන් අඩි තබමින් තමා ඉදිරියට එන ස්ත්‍රී රුව දුටු මඳ කිපුණු ඇතාගේ නෙත්වල කනීනිකා සිදුරු විසල් වී ගියේය. ඌ හොඬ ඔසොවා මහ හඬින් කෑගැසුවේය. එහෙත් ස්ත්‍රී රුවේ පසුබෑමක් නම් නොවීය. එහෙයින්ම ඇතා නොමඳ කලබලයට පත් විය. ඌ නැවතත් අනතුරු ඇඟවීමක් ලෙසටදෝ, ඉදිරි පය දෙක ඔසොවා පොළොව දෙදරන සේ බිම ඇන හොඬ ඔසොවා කෑගැසුවේය. එහෙත් හුළුඅත්ත අතින් ගත් ගැහැනියගේ ගමන නම් බාල නොවීය. ඇතා එවර විපිළිසරව ගිය ගතියකි. එවර ඌ පිට කළ හඬ යම් අපහසුතාවයකට පත් ගතියක් පෙන්නුවේය. නොබා ඉදිරියට ගිය ගැහැනිය, දකුණතෙහි වූ හුළුඅත්තෙන් තමාට වඩා දෙගුණයකටත් වඩා උසැති මහඇතාගේ පපුතලයට පහර දුන්නාය!

පසුබිමෙන්, බිමට සමතළා වූ මහා පව්වක් සේ දණ බිම ඔබා තනි දළය පොළොවේ ඇන හොඬෙන් සන්සුන් සහ අදරැති ‘ගොර ගොර’ හඬක් නඟන මද ගලන ඇතාය. හාත්පස, ගිනිගත් කනමැදිරියන් සේ කැරැකෙමින් නළියමින් දිලියෙමින්  සුළඟට හසුව රඟන කිණිහිරියා මල් බඳු හුළු දඹු ගොන්නය. ඒ සියල්ලට ඉදිරියෙන්, ඒවා පසුබිම් කරගෙන මඳ සුළඟේ ලෙළෙන නෙරි පොටද සහිතව දණට හැඳි චීත්තයත් තද රතු පෑ හැට්ටයත් හැඳ පිටුපසට කර බැඳි කොණ්ඩ ගෙඩිය සහිත රළු පෙනුමැති කෙසඟ ගැහැනියය.

සිරිසේන වෙදනා වෙවුලමින් දණින් වැටුණේය.

“දෙයියෝ බුදුවන්ඩ, දත්‍වදංගහවැවේ කිරිඅම්මා!”

Author චන්දික මධුෂාන් අබේවික්‍රම - Chandika Madhushan Abeywickrama (7)
Publisher ග්‍රන්ථ සමාගම - Grantha (Pvt) Ltd (150)
More Information
ISBN 9786245572618
පිටු ගණන 216
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:පප්ඵටක
Back to Top