Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
About this book

පස් වෙසක් ගෙන යක්ෂ කුල කිතු - යසස් මොනවට කියා      පානා

ඇස් තුනෙන් හැම පිරික්සා සිව්  -     අතින් ගති බිලි සියල්        ඕනා

රැස් දෙනා සුදු වතින් සැරසී     -  නිල් කයින් සිත් කුකුස්         ගේනා

අශ්ව මුව එළු බැටළු සූකර    -     පිටෙහි පැමිණේ මහා          සෝනා

 

දක්ෂකම් පෑ සේන සෙන්පති  -  මොහුයි පෙර පිදු ගැමුණු     සේනා

යක්ෂ ගොත් රජ වෙසමුණිගෙ අණ  - ලබා දස දෙස බලය     පානා

රක්ෂ වෙස් ගත් ඊශ්වර සතු      -    විකුම් පා සමයමේ              පේනා

වෘක්ෂ අතු බිඳ නඟා හූ හඬ       -  සසලවයි සැම මහා             සෝනා

 

පන්නිපිටිය විද්‍යාලංකාර මහ පිරිවෙන් ආචාර්ය,

රාජකීය පණ්ඩිත,

ලියන්ගහවෙල පඤ්ඤාසේකර හිමි.

ISBN
9786245572359
පිටු ගණන (Pages)
248
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. රසවත් නිර්මාණයක්...!
    නූතන විදු ඇස මානව අක්ෂියක් වැන්න. ඊට හසු වන දෑ මෙන්ම හසු නොවන දෑ ද එමටය. පදාර්ථ හා එහි හැසිරුම මත පදනම්ව ගොඩනැගුනු නූතන විද්‍යාව තුළම ග්‍රහණයට හසු නොවූ අඳුරු පදාර්ථ වල පැවතීම අසම්භව්‍යයක් විය නොහැක. එවැන්නක් තිබිය හැකිය. ඒ කෙසේ වෙතත්, මෙම යක්ඛරාජ ග්‍රන්ථය තුළ කතා බහ කෙරෙන හෙළ ඉතිහාසයේ ජනප්‍රියම ජනප්‍රවාදයක් වන රිටිගල ජයසේන මෙන්ම, දේවගිරිපුර සිල්වත් තැනගේ චරිත තුළ පාඨක අපට ගත හැකි ආදර්ශද රාශියකි. තවද, සාහිත්‍ය රසාස්වාදයෙහිලා විග්‍රහ කිරීමේදී අවස්ථානුකූල පාරිසරික අලංකරණ, ප්‍රාදේශීය ව්‍යවහාරික රටා තුළ අකුරු ප්‍රමාණයකට සීමා නොවූ රසක් ගැබ්ව ඇත. එතුළින් පාඨක සිත් මත් කරන්නට චන්දික අබේවික්‍රම මහතාට හැකියාව ලැබීම පිළිබඳ මගේ උණුසුම් සුභ පැතුම්...!
    Hiran ·
Write a review
Write a review

You're reviewing: යක්ඛරාජ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.