Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / ඩ්‍රැකෝන්

ඩ්‍රැකෝන්

ප්‍රවර්ග (Genre): නවකතා
කෘති එකතුව (Series): Super 30 Book Collection
About this book
සුශේයා තම යෂ්ටිය සුරතට ගත්තාය. ඇගේ දකුණු පසින් ටකේඩා තම අසිපත් ද්විත්වය දෑතින් දරා සූදානමින් සිටියේය. ඔවුන් දෙදෙනාට දෙපසින් සකාරස් සහ ටොකුගුවා තම ආයුධ ගෙන නැඟී සිටියහ.
"හැමෝටම දැනුම් දෙන්න. අපි මාළිඟාවෙන් එළියට යනවා. ඒ අය සටන අපි ළඟට අරන් එන්න කළින් අපි සටන එයාලා ළඟට අරන් යමු."

රණ බෙර හඬ පැතිරෙන්නට වූයේය. මාළිගාවේ ප්‍රධාන ද්වාර විවර විය. විවර වූ ද්වාර අතරින් ධවල වර්ණ ගත් ශක්තිමත් අසුන් සිව් දෙනෙකු පිට නැගි අසරුවන් සිව් දෙනෙකු ප්‍රාකාර වෙතට තම අසුන් මෙහෙයවද්දී, ඔවුන්ගේ පසුපසින් දහස් ගණනක පිරිසක් ප්‍රාකාර වෙත ඇදෙන්නට වූහ.
ISBN
9786245572311
පිටු ගණන (Pages)
232
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 3
  1. Fantasy
    ඩ්‍රැකෝන්

    "සුශේයා තම යෂ්ටිය සුරතට ගත්තා ය. ඇගේ දකුණු පසින් ටකේඩා තම අසිපත් ද්විත්වය දැතින් දරා සූදානමින් සිටියේය. දෙපසින් සකාරස් සහ ටොකුගාවා තම ආයුධ ගෙන නැගී සිටියේය.

    හැමෝටම දැනුම් දෙන්න අපි මාලිගාවෙන් එළියට යනවා. ඒ අය සටන අපි ලඟට අරන් එන්න කලින් අපි සටන එයාල ලඟට අරන් යමු."

    මේ වනාහි මනාකල්පිත ලෝක තුනක් අතර බලය හුවමාරු වීම , විශ්වය පාලනය කිරීම පිළිබඳව කතාවකි. මීරා නම් මවකට උපත ලද දරුවන් තිදෙනෙක් ලෝක තුනක බලය ලබා ගැනීමට එකිනෙකා හා සටන් කරන ආකාරය මෙහි දක්වා ඇත.

    භාෂා රටාව ගත් කල සරල ආකර්ෂණය බස් වහරකින් ලියැවී ඇති මෙම කෘතිය ඉතා කුතුහලයෙන් කියවා ගෙන යා හැක්ක කි. දෙවන කෘතිය සඳහා ද මෙහි කතුවරයා වන මිලින්ද ලක්ෂාන් පියමං කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

    ශානරය - ෆැන්ටසි
    ප්‍රකාශනය - ග්‍රන්ථ ප්‍රකාශන
    මුද්‍රණය - 2022
    පිටු - 230
    මිල - රු 720.00

    සටහන
    රංග යුදාර
    2022.12.28
    Ranga Yudara ·
  2. ★★★★★ පෙර කියවන්නෙකුගේ සටහන
    අන්ධකාරය රජයන්නට වෙර දරන බිහිසුණු යුගයක් එළැඹිලා. මනුෂ්‍යත්වයට නිගා දෙන අඳුරු මායාවන්ගෙන් ලෝකය වැසී යන්නට පටන් අරගෙන. බලන බලන හැම තැන ම තියෙන්නෙ, පෙනෙන්නේ ඒ අන්ධකාර හස්තයේ ග්‍රහණයට මේ දැන් හසු වේ දෝ යි සැකෙන් බියෙන් තැවෙන මුහුණු. ටිකක් හරි සාමාන්‍ය මුහුණක් දක්නට ලැබුණු ඩ්‍රේක්වලත් එක පාරට ම මහා කලබලයක්. සිතට භය උපදවන භයංකර ආරංචියක්, දූසමාන රාවයක් මුළු ඩ්‍රේක් දේශය පුරාවට ම පැතිර යන්නට වුණේ එක වර ම යි.

    "පුරාවෘතගත මහා අනාවැකිය සැබෑ වෙන්න යන්නේ ලු."

    කුඩා දරුවාගේ සිට අබල දුබල මහල්ලා දක්වාත්, විරූපී යාචක ස්ත්‍රියගේ සිට සුරූපී රජ කුමරියන් දක්වාත්, වෙව්ලන රෝගී පුරුෂයින්ගේ සිට ආරෝහ පරිණාහ දේහ සම්පත්තියෙන් යුතු රාජකීය සේනාවේ සේනාපතිවරුන් දක්වාත් පැතිර ගියේ ඒ දූසමාන ආරංචිය විතර ම යි.

    මේ ආරංචිය නිසා ඩ්‍රේක් දේශයේ පාලන තන්ත්‍රය එක්ෂණයකින් ගිනි ඇවිළිලා ගිහිල්ලා තිබුණා. අනාවැකියේ හෙළි කළ කොටස් වගේ ම ජනතාවගෙන් සඟවා දැමූ කොටස් පිළිබඳ ව ත් දැන සිටි පාලන තන්ත්‍රයේ ඉහළ ම ස්ථර ක්‍රියාත්මක වුණේ හරි ම කලබලයකින්. මේ එළැඹෙන්නේ මහා විනාශයක ආරම්භක හෝරාව බව ඔවුන් දැන සිටියා. මේ නිසැක විනාශය නවතාලන අයුරු කෙසේ දැ යි විමසමින් මයාකරුවන්, සටන්කරුවන්, සමුරායිවරුන් මේ ආදී නොයෙක් ප්‍රබලයින් විකල්ප සොයන්නට වුණා. ඒ සෑම තැනක දී ම කියැවුණේ එක ම එක විකල්පයක් ගැන පමණ යි.

    "මහා මායාකරුවාගේ ආගමනයක් නො වුවහොත් මේ මුළු මහත් විශ්වයේ ම අවසානය වනු නිසැක යි."

    ඒත් සමස්ත විශ්වය ම දිග්විජය කළ ඒ මහා මායාකරුවා නැවත පැමිණෙන බවට ඔවුන් තුළ විශ්වාසයක් නම් තිබුණේ නෑ. මතකයෙන් අමතක ව ගිය ඈත අතීතයේ දී ම ඔහු ඔවුන්ව හැර දා ගොස් තිබුණා.

    "වැනසෙන්නට බලා ගෙන හෝ මේ විනාශය නවතන්නට පියවර ගත යුතු යි. අන්ධකාරයට එ තරම් පහසුවෙන් ඩ්‍රේක් දේශය වසා ගනු නොහැකි බව ඔවුනට පසක් කළ යුතු යි. වහා ආරක්ෂා තර කරනු. ප්‍රහාරයට සැරසෙනු."

    ඩ්‍රේක් හි පාලකයින් අවසන් තීරණය දුන්නා.

    එහෙත්... ඔවුන් කිසි ලෙසකින් වත් නොසිතූ අති බලසම්පන්න බලවේගයක් විශ්වයේ ආරක්ෂාව හෝ වැනසීම තීරණය කරමින් මේ දෛව ගමනට එකතු වන්නට බලා සිටියා. ශ්‍රේෂ්ඨතම මහා මායාකරුවා පවා බලාපොරොත්තු නො වූ විරූ තරම් බලයක් දැරූ පුරාවෘතගත බලවතුන් බිහි වීමට දෛවය පිඹුරු පත් සකසා තිබුණා.

    බලවතුන්ගේ බිහි වීමෙන් විශ්වය රැකෙ යි ද? වැනසෙ යි ද?

    ඒ ගැන දැනගන්න ඩ්‍රැකෝන් කියවන්න ඔබට සිදු වේ වි.

    මායාවන් ගෙන් පිරි ලෝකයක ගිරි දුර්ග වන දුර්ග අතර සැරිසරමින්, සුරතින් ගත් අසිපතින් සතුරන් වනසාලන චාරිකාවක නිරත වෙන්න කැමති ද?

    එ⁣ සේ නම් ඔබට ඒ අත්දැකීම ඩ්‍රැකෝන් කියෙව්වොත් ගන්න පුළුවන් වේ වි.

    දෙවියන්, බඹුන්, මරුන් සහිත මේ ලෝකයේ වීරයින්, දුෂ්ටයින්, නානාප්‍රකාර මායා සත්ත්වයින්, සටන්කරුවන් සහ විවිධාකාර මායාවන් ගෙන් පිරුණු මහා ෆැන්ටසිම ය විශ්වයක ආරම්භක අවස්ථාව දැක ගන්න ඔබත් කැමැති ද?

    එ සේ නම් ඔබට ඒ මහා විශ්වයේ ආරම්භක පියවර මේ ඩ්‍රැකෝන් තුළින් දැක ගන්න ලැබේ වි.

    මේ ආරම්භයක් ම පමණ යි. මෙ තැනින් ඇරඹෙන මේ චාරිකාවේ දී, කවුද දන්නේ... ඔබට මාත් මුණ ගැහෙන්න ඉඩ තියෙනවා. ඉතින්... ලෑස්ති වෙන්න... අපූර්ව ෆැන්ටසිමය චාරිකාවකට...

    මිලින්ද ලක්ෂාන් ගේ

    "ඩ්‍රැකෝන් - බලවතුන්ගේ බිහි වීම"

    කතාවේ පෙර කියවන්නෙක් විදිහට සහභාගී වෙලා ගත්ත අත්දැකීම් එක්ක මේ දේ විතරක් කියන්නං. මේක විශිෂ්ට ෆැන්ටසිම ය චාරිකාවක ආරම්භක පියවර වෙනවා නිසැක යි. කලිනුත් කිව්වා වගේ ඒ විශ්වය ඇතුළේ... කවුද දන්නේ... ඔබත් මාත් මුණ ගැසෙන්නත් ඉඩ තියෙනවා. එ සේ නම්, එන්න... අපි එක් ව ඒ අපූර්ව චාරිකාව පිය නඟමු.

    (කතාවෙන් බාගෙට බාගයක් ම කලින් කියලා කතාව ස්පොයිල් කළා කියල හිතන්න එපා. එහෙම හිතුවොත් ඒක ලොකු ම ලොකු වරදවා වටහා ගැනීමක් වෙනවා. ඔය උඩ කියල තියෙන්නෙ සමස්ත කතාවෙන් අංශු මාත්‍ර ප්‍රමාණයක්වත් නැති තරම් විස්තරයක්. සුවිසල් විශ්වයක ආරම්භයක් සිදු වන කතාවක, කතාවේ ආරම්භයවත් නෑ මම උඩ කියපු ටිකේ. ඒ නිසා පොත අරගෙන ම අපි ඒ චාරිකාව යමු.)

    === === ===

    මම භාෂාව ගැන ලොකු දැනුමක් තියෙන කෙනෙක් නොවෙයි. ඒත් මට දැනුණු විදිහට, මම දන්න තරමට මේ කෘතියේ භාෂා භාවිතය ගැන අදහසක් දෙන්න කැමැති යි. පොත ලියවිලා තියෙන්නේ අතිශය ගැඹුරු භාෂා රටාවකින් නම් නොවෙයි. බොහොම සරල බසකින්, වේගයෙන් කියවා ගෙන යන්න පුළුවන් විදිහට ලියැවුණු පොතක්. ඒත් අවශ්‍ය තැන්වල තරමක ගැඹුරු බසක් යොදා ගන්නත් මිලින්ද පසුබට වෙලා නෑ. විශේෂයෙන් ම චිත්ත රූප මැවිය යුතු තැන්වලට ඒ අවස්ථාවට ගැලපෙන බසක් යොදා ගන්න මිලින්ද සමත් වෙලා තියෙනවා. කෙටි වාක්‍ය රටාවෙන් වගේ ම අවැසි තැන්වලට දීර්ඝ වාක්‍යත් යොදා ගෙන පොත ලියැවිලා තියෙනවා. (දීර්ඝ වාක්‍ය රාටවලට ප්‍රිය කරන කෙනෙක් විදිහට අවශ්‍ය තැන්වලට පමණක් වත් එ ලෙස යෙදීම ගැන විශේෂයෙන් ම අගය කරනවා.)

    කතුවරයා ගැනත් යමක් කියන්න ඕන. මේ සයිබර් අවකාශය ඇතුළෙ දි මම මිලින්ද ලක්ෂාන් ව හඳුනා ගන්නේ තරගයකට ලියපු කෙටි කතාවකින්. 'ජෝකර්'. කෙටි, නමුත් ප්‍රබල කතාවක් වුණු ඒ කතාවෙන් පස්සෙ මම මොහුගේ කතා එකින් එක කියවන්න ගන්නව. කෙටි කතා සියයකටත් අධික ප්‍රමාණයක් මම දන්න තරමින් මිලින්ද මේ සයිබර් අවකාශයේ දි ලියලා ඇති. ඊට අමතරව ෆැන්ටසි ශානරයේ සයිබර් අවකාශයේ ලියැවුණු දීර්ඝතම නවකතාව ලියැවෙන්නෙත් මිලින්ද අතින්. ඒ "අනුබිස්ගේ දියණිය". කාලයක් අඳුරු සෙවණැල්ල සමූහයේ අතිශයින් ම ජනප්‍රිය කතාවක් වුණ අනුබිස්ගේ දියණිය මිලින්දගේ මම දැකපු හොඳම කතාව. ඒ වගේ කෙනෙක් ගේ මුද්‍රිත මාධ්‍ය ආගමනය ගැන හදවතින් ම සුබ පතන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා. ඔබට ජය!


    ✍️ ලකී ධනංජය
    2022.03.06
    Lucky Dhananjaya ·
  3. ★★★★★ රසවින්දනාත්මක කෘතියක්...
    ඉතාම අගනා කෘතියක්..පාඨකයින්ට ඉතාම හොඳින් රසවිඳීමට හැකිවනු බවට නොඅනුමානයි...♥️
    Bhanu ·
Write a review
Write a review

You're reviewing: ඩ්‍රැකෝන්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.