හුන්නාකඩවර
ඒරොප්පෙන් ආ සුදු හම ඇත්තෝ සියවස් දෙක තුනක් තිස්සේ අප වනචාරීන් බවත්, මිථ්‍යා දෘෂ්ටිකයන් බවත් කියා දුන් හ. ඒ අනුව අටානූවක් සිතුම් පැතුම් ද නවානූවක් චාරිත්‍ර වාරිත්‍ර ද අපට බෝ කළෝ ය.
දොරකඩ කුල්ල පේ කර එක ගෙයි කෑම ආදි නිදහසේ විවාහයේ රස බැලුවා වූ ගැමියාට තන මඬල නිරාවරණය කරගෙන ජීවත් වීමත්, තට්ටම් පෙනෙන්නට අමුඩය ගසාගෙන අව්වේ වැඩ කිරීමත් ලජ්ජාවක් සේ පෙන්නා දෙන්නට වූ හ.
අනේ! කාලේ වනේ වාසේ!
අපට ම්ලේච්ඡ යැ යි කියූ ඒරොප්පේ ඇත්තෝ දැන් එරමිණියා ගොතාගෙන චිත්ත පරිශුද්ධිය පතා බෝ සෙවණේ හිඳ බවුන් වඩති. මේවායේ අස්කොන්
පීරා ඇත්ත තෝරාබේරා දීම අතිශය දුෂ්කර වටපිටාවක, සියවස් ගණනක් පාගා දැමූ දෙලොව වැඩ සදන දැනුම, ආකල්ප, ඥානය, ‘හුන්නාකඩවරේ’ දී ශකිල අපට සොයා පාදා දෙන්නේ ය. අලියා මතු නො ව අලියා ගේ වලිගයෙන් වැටෙන කෙන්දත් මනා ශක්තිමත් ඔසුවක් ලෙස පැරැණියන් සැලැකූ බව ඔහු වටහා දෙන්නේ ය.
වෙද හෙද කම් කර තමන් සුවපත් කරන ‘හුන්නාකඩවරේ’ වෙද මහත්තයාට “අනේ උඹට බුදු බව අත් වේ වා” යි ගැමියෝ ප්‍රාර්ථනා කරති. ජාතික ලෙඩා සුවපත් කරන්නට, වළලා දැමූ ඥානය සොයා පාදා දෙන ශකිලටත්, “අනේ උඹට බුදු බව අත් වේ වා” යි කවර දා හෝ අසන්නට ලැබෙනු ඇත.
මහින්ද ඉලේපෙරුම
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.