නා ගස උඩ
වැවේ අනිත් කෙළවරේ තවමත් මාළුන්ට මාන බලන කොකෙක් දිහා මම බලාගෙන හිටියා.
ඌ එක එල්ලේම වැවේ මාළු දිහා බලාගෙන ඉන්නවා. තව තැනක දියකාවෙක් එකපාරටම වතුර යටට ගිහින් ඊට ටික දුරකින් මතු වෙලා අහසට පියාඹගෙන ගිය හැටි මට මහා පුදුමයක් වුණා. දියකාවට එහෙම වතුර යටට ගිහින් උඩට එන්න පුළුවන් වුණාට, අම්මට එහෙම වතුර යටට ගිහින් උඩට එන්න බැරිව ගියා. එකපාරටම අම්මා ජබු ගහන සද්දෙ වැඩි වුණා. ඒ සද්දෙට මාළුන්ට මාන බල බල හිටිය කොකත් කලබල වෙලා ඉගිල්ලිලා ගියා. තාත්තා අම්මව බේරගන්න වැවට පැන්නට, දෙන්නා තරගෙට වගේ මුළු වැවටම ඇහෙන්න ජබු ගැහුවා. ඒ ජබු සද්දෙත් ටිකෙන් ටික නැති වෙලා ගියා. ඒත් මගේ හිත ඇතුළෙ තවමත් ඒ සද්දෙ දෝංකාර දෙනවා.
ආයෙ කවදාවත් තාත්තාවත් අම්මාවත් වැවෙන් ගොඩට ආවේ නැහැ. එයාලා වැව ඇතුළෙම
මාව දාලා හැංගිලා ගියා. එයාලා එනකම් මං එදා හුඟක් වෙලා බලන් හිටියා. රෑ සීතල එන්න එන්නම වැඩි වෙනකොට, වැව දිහෑන් අමුතු අමුතු සද්ද ඇහෙනකොට එදා මම තට්ට තනියම ඉඳන් කෑගහලා ඇඬුවා. වැවේ එහාට මෙහාට පීනන මාළුන්ට ඇහෙන්න මම ඇඬුවා. වැව් දියේ හැංගිලා ගිය අම්මටයි තාත්තටයි ඇහෙන්නම මම කෑගහලා ඇඬුවා. ඒත් කවුරුවත් ආවෙ නැහැ... එදා මගේ ඇස්වලින් බිමට වැටුණු කඳුළු ඒ වැවේ වතුරට එකතු වෙලා මුළු වැවම මාත් එක්ක
එකට අඬන්න ඇති කියලා මම අදටත් හිතනවා.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.