Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / බිඳුණු අසිපත්

බිඳුණු අසිපත්

ප්‍රකාශක (Publisher): කර්තෘ ප්‍රකාශනයකි
ප්‍රවර්ග (Genre): කෙටිකතා
About this book


ජීවිත දෙකක් බේරා ගැනීමේ අදිටනින් මා ඇය ඇඳ සිටි ගවුමෙහි යට කොටස ඇගේ ඉණ දක්වා එසවීමි. ඒ වන විටත් ලේ විලක් මැද ඇය තම දරුවාගේ හිස පමණක් ප්‍රසූත කර තිබුණි. නිසොල්මනේ පහළට ඇල වී තිබූ කුඩා දරුවාගේ හිස යටින් අත තැබූ මම හිස කෙළින් තබා ගැනීමට උත්සුක වුයෙමි.

"ඩොක්ටර් සිරිල්ව ගන්න ට්‍රයි කරපන් බඩී. පොඩි එකා හිර වෙලා වගේ!"

ඇයගෙන් ගලා ගිය රුධිරය හා සමානව මාගේ ගෙල වටා ගලා යන දහඩිය ඔහේ ගලා යාමට ඉඩ දෙමින් මා කෑ ගැසුවෙමි.

"තාම සිග්නල් නෑ සර්."

ඔවුන් දෙදෙනාගේ ජීවිත පිළිබඳ වූ මගේ අවසාන බලාපොරොත්තුවද බිඳ දමමින් ඔහු පැවසීය.

"බඩී, හෙමිහිට බඩ උඩ පැත්තෙ ඉඳන් පහලට තද කරපං, වෙන කරන්න දෙයක් නෑ."

වෙන කළ යුතු ප්‍රතිකර්මයක් නොමැති කළ, මා දන්නා ක්‍රමය මම ඔහු ලවා කරවූයෙමි. ඇයගේ හිස අසල දණගසා ගත් ලාන්ස් කෝප්‍රල් ප්‍රසන්න ඇයගේ උදරය තද නොවන ආකාරයෙන් කිහිප වරක් ඉහළ සිට පහළට තද කළේය. ක්‍රමය සාර්ථක බව මට හැඟී ගියේ දරුවාගේ උරහිස් කෙමෙන් එළියට එනු දුටු නිසාය. ක්‍රමයෙන් දරුවාගේ ශරීරය කැරකි පැත්තට හැරුණු අතර, මම දරුවාගේ උරපත්තෙන් අල්ලාගෙන එළියට ඒමට උදව් කළෙමි. අවසන, රතු ලේ සහ සුදු වන් තරලයකින් වැසීගත් කටිට කළු කොලු පැටියෙකු එළියට ඇද ගැනීමට මම සමත් වුණෙමි.

ISBN
9786249220638
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: බිඳුණු අසිපත්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.