Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නිරායුධ

නිරායුධ

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

සාමය සඳහා වූ සියලු ඉඩ ප්‍රස්ථාවන් ගිලිහී ගිය පසුව එහි යුදමය අවශ්‍යතාවයක් පැනනගින බව පිළිගැනීමට සිදුවන්නේය. සංග්‍රාමයක පාර්ශව දෙකකි. ඒ සතුරු පිල හා මිතුරු පිලයි. සංග්‍රාමයක් අවසන් වූ පසුව තවදුරටත් සතුරු හෝ මිතුරු පාර්ශවයන් එහි සිටිය නොහැක. බිහිසුණු අවි ගැටුම් තවදුරටත් එහි පැවතිය නොහැක. එහි සිටින්නේ එක් පාර්ශවයක් පමණි. එනම් දෙපාර්ශවයම නියෝජනය කළ මනුෂ්‍ය සමූහයක් පමණි. ඔවුන්ට ඇත්තේ එක් නීතියකි. ඒ මනුෂ්‍යත්වයේ නීතියයි.

සංග්‍රාමයකදී දිවි දෙවැනි කොට සටන් වැදීම හෝ තම රට වෙනුවෙන් දිවි පිදීම උතුම් ක්‍රියාවකි. එසේම පරාජයට පත්වූ සතුරාට, සටනට මැදි වූ අහිංසක සාමාන්‍ය වැසියන්ට මනුෂ්‍යත්වයේ නාමයෙන් දයානුකම්පාවක් පෙන්වීම ඒ හා සමාන උතුම් වූ ගෞරවනීය ක්‍රියාවක් වන්නේය. වර්තමානයේ මදුරාසියේ වෙසෙන ගුරුවරියක්ව සිටි ගීතාද, අගිලන්,

වෛද්‍ය එම්බා බහුප්‍රියා මෙන්ම මන්නාරමේ බගුබාලන් වැන්නෝ ද එදා පටන් ම සතුරු හෝ මිතුරු පිලක් නියෝජනය නොකළාහු වෙති... ඔවහු කිසිදා නොකළ වරදකට දීර්ඝකාලීන ත්‍රස්තවාදයේ දරුණු පීඩාවන්ට ලක් වූවෝ වෙති. ඔවුන්ගේ කතාව විටෙක බිහිසුණුය. විටෙක සානුකම්පිතය. එවන් වාතාවරණයක සිට වුවද, පීඩාකාරී අතීතය පසෙකලා වර්තමාන යුතුකමට මනුෂත්වයේ නාමයෙන් පෙරමුණ ගත්තෝ වෙති. ඒ සාමය, සංහිඳියාව, එම්මා ගුණගරුක වෛද්‍යවරියක් කළාය. ගීතා හා සෙබළ කරුණාරත්නට නව ජීවිතයක දොරටු විවෘත විය. ගතානුගතික නවකතාවකින් ඔබ්බට ගිය යමක් දකින්නට “නිරායුධ” කියවන පාඨකයාට අවස්ථාව උදා වනු ඇත.

ISBN
9786249897700
පිටු ගණන (Pages)
213
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නිරායුධ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.