Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නාගසාරා

නාගසාරා

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

අඳුරු කැලෑව තුළ පඳුරකට මුවා වූ සේදිරිස් සිටියේ ගැහෙමිනි. ළඟ ළඟ අතු බිඳෙන හැටිත්, කනප්පුවා බෙරිහන් දෙන හැටිත්, ඔහුට පැහැදිලිව ඇසේ. ඔහු තවදුරටත් නිසොල්මනේ සැඟවෙන්නට උත්සාහ කළේය. මොහොතකට කනප්පුවා බැනිල්ල නතර කළේය. එහෙත් ඔහු අඩි තබන ශබ්දයත් අතු බිදෙන ශබ්දයත් සේදිරිස්ට ළඟින්, ළඟින්ම ඇසෙන්නට විය. ඉන් සුළු වේලාවකට පසුව ඩිග්..... ඩිග්.... යන ශබ්දයත්, කවුරුන් හෝ පහරකා ඇද වැටෙන අයුරුත් ඒ ළඟ පාත සිටි සේදිරිස්ට හොදින් ඇසුණි. එහෙත් බියෙන් ගැහෙමින් සිටි ඔහු දිගාවී සිටි තැනින් නැගිට්ටේ නැත.
"එළියට වරං... සේදිරිස් අයියේ... එළියට වරෙන්.... උඹ කොහෙද....?”

ඉතා ළඟින් ඇසෙන්නේ රූබන්ගේ කට හඬය. බිම දිගාවී සිටි සේදිරිස් බියෙන් බියෙන් ඉහළට එසවී බැලීය. දැන්නම් කතා කරන්නේ රූබන් බවට සැකයක් නැත. මොහොතක් නිසොල්මනේ සිටි ඔහු නැවතත් රූබන්ගේ කෑ ගැසිල්ල අසා සෙමින් සෙමින් තරමක් ඉදිරියට ගියේය. ඒ සමඟම ඔහු දුටුවේ බිම වැටී සිටින කනප්පුවාය. ඔහුගේ තුවක්කුවත් ඒ අසලම විය. සැඟවී සිටි රූබන් පසුපසින් පැමිණ කනප්පුරාලගේ හිසට එල්ල කළ පොලු පහරින් ඔහු සිහිසුන්ව බිම ඇද වැටී තිබුණි.

“ඒකා ඉවරයි... කනප්පු රාල ආයේ එන්නෙ නෑ... යමු යන්ට...”

රූබන් සේදිරිස්ට සැරෙන් මෙන් කීවේය. සේදිරිස් තවත් බිය විය.

ISBN
9786242041506
පිටු ගණන (Pages)
284
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නාගසාරා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.