නිරායුධ
සාමය සඳහා වූ සියලු ඉඩ ප්රස්තාවන් ගිලිහී ගිය පසුව එහි යුදමය අවශ්යතාවයක් පැනනගින බව පිළිගැනීමට සිදුවන්නේය. සංග්රාමයක පාර්ශව දෙකකි. ඒ සතුරු පිල හා මිතුරු පිලයි. සංග්රාමයක් අවසන් වූ පසුව තවදුරටත් සතුරු හෝ මිතුරු පාර්ශවයන් එහි සිටිය නොහැක. බිහිසුණු අවි ගැටුම් තවදුරටත් එහි පැවතිය නොහැක. එහි සිටින්නේ එක් පාර්ශවයක් පමණි. එනම් දෙපාර්ශවයම නියෝජනය කළ මනුෂ්ය සමූහයක් පමණි. ඔවුන්ට ඇත්තේ එක් නීතියකි. ඒ මනුෂ්යත්වයේ නීතියයි.
සංග්රාමයකදී දිවි දෙවැනි කොට සටන් වැදීම හෝ තම රට වෙනුවෙන් දිවි පිදීම උතුම් ක්රියාවකි. එසේම පරාජයට පත්වූ සතුරාට, සටනට මැදි වූ අහිංසක සාමාන්ය වැසියන්ට මනුෂ්යත්වයේ නාමයෙන් දයානුකම්පාවක් පෙන්වීම ඒ හා සමාන උතුම් වූ ගෞරවනීය ක්රියාවක් වන්නේය.
වර්තමානයේ මදුරාසියේ වෙසෙන වෛද්ය එම්බා බහුප්රියා මෙන්ම මන්නාරමේ ගුරුවරියක්ව සිටි ගීතාද, අගිලන්, බගුබාලන් වැන්නෝ ද එදා පටන් ම සතුරු හෝ මිතුරු පිලක් නියෝජනය නොකළාහු වෙති... ඔවුහු කිසිදු නොකළ වරදකට දීර්ඝකාලීන ත්රස්තවාදයේ දරුණු පීඩාවන්ට ලක් වූවෝ වෙති. ඔවුන්ගේ කතාව විටෙක බිහිසුණුය. විටෙක සානුකම්පිතය. එවන් වාතාවරණයක සිට වුවද, පීඩාකාරී අතීතය පසෙකලා වර්තමාන යුතුකමට මනුෂ්යත්වයේ නාමයෙන් පෙරමුණ ගත්තෝ වෙති. ඒ සාමය, සංහිඳියාව, එම්මා ගුණගරුක වෛද්යවරියක් කළාය. ගීතා හා සෙබළ කරුණාරත්නට නව ජීවිතයක දොරටු විවෘත විය. ගතානුගතික නවකතාවකින් ඔබ්බට ගිය යමක් දකින්නට "නිරායුධ" කියවන පාඨකයාට අවස්ථාව උදා වනු ඇත.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.