Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / අම්බුළුවාව - පර ආධිපත්‍යය පැරදවූ ආත්මාධිපත්‍යය

අම්බුළුවාව - පර ආධිපත්‍යය පැරදවූ ආත්මාධිපත්‍යය

ප්‍රකාශක (Publisher): MediaLK.com
About this book

අම්බුළුවාව - පර ආධිපත්‍යය පැරදවූ ආත්මාධිපත්‍යය” ලෙස මේ පොත නම් කිරීමට සුවිශේෂී හේතුවක් විය. ඒ, පරයා යන යෙදුම පිටස්තරයා යන තේරුමට අමතරව “නීච” යන තේරුම ද ලබාදීමයි. පිටස්තරයන්ගේ එසේත් නැත්නම් පවතින ලෝකයේ යුක්තිගරුක මිනිසුන්ගෙන් බැහැර වූ දුෂිතයන්ගේ සහ නිචයන්ගේ ආධිපත්‍යයට යටවූ නිලධාරීන් රොත්තක් හමුවේ එම පිටස්තරයන්ගේ සහ නිචයන්ගේ අනීතික වැඩවලට එරෙහි වූ එක නිලධාරිනියක් වූවාය.

ඇය ආත්මා ය. උඩපළාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිලක්ෂි ජයරත්න මහත්මිය ය. පිටස්තරයන් සහ නිචයන් ලෙස පැමිණි ගම්පොළ අරක්ගත් දේශපාලනඥයෝ මෙන්ම ඔවුන්ට සහයෝගය දැක්වූ නිලධාරීහු ද ආත්මාගේ ආධිපත්‍යයට බිය වූහ. අවසානයේ පර ආධිපත්‍යය පැරදවීමට ආත්මාධිපත්‍යයට හැකියාව ලැබිණි. ආත්මා දිලක්ෂි නීති විරෝධී සහ සදාචාර විරෝධීව වර්තමාන ආණ්ඩුව යටතේ ද කුමන්ත්‍රණකාරී ලෙස ස්ථාන මාරු කළ ද, ඇය පරාජය වී නැත. ආත්මා සමග දූෂණයට එරෙහි නිලධාරීහු රොද බැඳ සිටිති. ආත්මාට වින කටින්නේ පරාජිතයන් ය.

ආත්මාට පමණක් නොව නීතිගරුක සහ අවංක සියලු රාජ්‍ය නිලධාරීන්ට මෙම කෘතිය ගෞරවයෙන් පුද කරමු. දේශපාලනඥයන්ට ගැති නොවන, දූෂණයෙන් තොර අවංක රාජ්‍ය සේවයක් වෙනුවෙන් අපි අනවරත අරගලයක යෙදිය යුතු වෙමු.

ISBN
9786242123394
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අම්බුළුවාව - පර ආධිපත්‍යය පැරදවූ ආත්මාධිපත්‍යය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.