අනාරාධිතයා

Special Price රු. 450.00 Regular Price රු. 500.00
In stock
SKU
anaradithaya-kumaradasa-balasooriya-dayawansha

අනාරාධිතයා

කුමාරදාස බාලසූරිය

අසාර වූ මහ පොළොව මමයි

- ගලා හැලෙන දිය දහර ඇයයි

යුගයෙන් යුගයට හදවත් සනසන

- බලාපොරොත්තුවෙ පැතුම ඇයයි

කැළෑව මැද කටු පඳුර මමයි

- පිපී වැනෙන මල් පොකුර ඇයයි…

ඔහු ඒ ගීතයේ ඉතිරි පද සිහිපත් කරමින් ඒ හඬට කන් යොමු කරන්නට විය. එය කොහෙන් හෝ ඇසෙන ගී හඬක් නොව තමාගේ මතකයට නැඟුණු ගීතයක කොටසක් බව වැටහුණු තිලිණ පාරේ ඈත කෙළවර දෙස බැලුවේය. ඈත වංගුවේදී සුදු පැහැ ඡායාවන් තුනක් අතුරුදන් විය. තිලිණ නැවත හුස්මක් ගෙන ළය පුරා ඒ නැවුම් සුවඳ පුරවා ගත්තේය. ඉක්බිති සෙමින් සෙමින් පියවර එසවූයේය.

Back to Top