පරිණත ජීවිත මාවත

Special Price රු. 416.50 Regular Price රු. 490.00
In stock
SKU
parinatha-jeewitha-mawatha-dorothy-nishadi-sooriya

ජීවිත වියමන ප්‍රචන්ණ්ඩ ලෙසට ඉරී ගිය විට

පැටළුණු නූල් නැවත ගෙතිය හැක්කේ කාලයේ

අත්වලට පමණි. එහෙත් අප ඒ සඳහා අවකාශ ලබා

දිය යුතු ය. වේදනාවේ පළමු කම්පනයේදී අපට

දැනෙනුයේ ලෝකයේ සියලු හෝරා යන්ත්‍ර නැවතී 

ඇති බවත්, අපගේ වේදනාව සදා කල් පවතිනු 

ඇති බවත් ය.

එහෙත් ජීවිත කාලය පුරාම අරමුණු ඉටු කර ගැනීම

සඳහා අප ඉදිරියට යා යුතු ය. ජීවිත ගමනේ 

ඉදිරියට යාමට අප අපවම කෙසේ හෝ පොළඹවන 

විටෙක වේදනාව වැඩෙන්නේ අඩු වශයෙනි. සතුටු

මතකයන් ආවර්ජනයටත්, රිදුම් වෙනුවට ආශිර්වාද 

ලැබී ඇති බව සිතීමටත් හැකි දවසක් අවසානයේ 

එළඹෙනු ඇත. විපතක් මැඩ පැවැත්වීමේදී කාලය 

අපට මිතුරෙකු වනුයේ නොවැළැක්විය හැකි දේ 

පිළිගැනීමටත්, අමිහිරි බව අප සිත් තුළින් තුරන්

කර ගැනීමටත් අපට හැකි වුවහොත් පමණි.

Back to Top