Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / පරිණත ජීවිත මාවත

පරිණත ජීවිත මාවත

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

ජීවිත වියමන ප්‍රචන්ණ්ඩ ලෙසට ඉරී ගිය විට

පැටළුණු නූල් නැවත ගෙතිය හැක්කේ කාලයේ

අත්වලට පමණි. එහෙත් අප ඒ සඳහා අවකාශ ලබා

දිය යුතු ය. වේදනාවේ පළමු කම්පනයේදී අපට

දැනෙනුයේ ලෝකයේ සියලු හෝරා යන්ත්‍ර නැවතී 

ඇති බවත්, අපගේ වේදනාව සදා කල් පවතිනු 

ඇති බවත් ය.

එහෙත් ජීවිත කාලය පුරාම අරමුණු ඉටු කර ගැනීම

සඳහා අප ඉදිරියට යා යුතු ය. ජීවිත ගමනේ 

ඉදිරියට යාමට අප අපවම කෙසේ හෝ පොළඹවන 

විටෙක වේදනාව වැඩෙන්නේ අඩු වශයෙනි. සතුටු

මතකයන් ආවර්ජනයටත්, රිදුම් වෙනුවට ආශිර්වාද 

ලැබී ඇති බව සිතීමටත් හැකි දවසක් අවසානයේ 

එළඹෙනු ඇත. විපතක් මැඩ පැවැත්වීමේදී කාලය 

අපට මිතුරෙකු වනුයේ නොවැළැක්විය හැකි දේ 

පිළිගැනීමටත්, අමිහිරි බව අප සිත් තුළින් තුරන්

කර ගැනීමටත් අපට හැකි වුවහොත් පමණි.

ISBN
9789556564068
පිටු ගණන (Pages)
232
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. Don't Grow Old - Grow Up, by Dorothy Carnegie
    අප කැමති වූවද නොවූවද කාලය අප සියලු දෙනා පසු කර ගලා යයි. අපගේ සිරුරු වියපත් වෙයි. එහෙත් එසේ සිරුරු වෙනස් වීමට සාපේක්ෂව අපගේ මනස වැඩී වර්ධනය වෙතියි කිව නොහැක. මනසේ පරිණතභාවය යනු අමුතුවෙන් වෑයම් කිරීමෙන් අත් පත් කර ගත යුත්තකි. ඩොරති කානගී මෙහි පෙන්වා දෙන්නේ සිරුරින් වියපත් වත්ම පරිණතභාවය අත් කර ගැනීමටද ඔබ ඉගෙන ගන්නේ නම් ඔබේ මැදි විය සහ මහලු විය කොතරම් උද්යෝගිමත් විය හැකිද යන කාරණයයි; එයින් ඔබට විදිය හැකි ආධ්‍යාත්මික තාරුණ්‍යය කවරාකාරද යන්නයි.

    ඔබගේ ක්‍රියාවන් සම්බන්ධයෙන් වගකීම් සහගත වන්න. අන්‍යයන්ට දොස් නොකියන්න. තමන්ගේ වෙනස්කම් හදුනාගෙන ඒවා පිළිගැනීම හා එම ආබාධ තිබියදීම දියුණුවීමට කටයුතු කිරීම පරිණත මනසක ලක්ෂණයක් වේ. බාධාවන්, අසමත්වීම් සදහා නිදහසට කරුණු ලෙස නොදක්වන්න. මුදල් ප්‍රශ්න පැන නැගුණු විටෙක සියලුම කරුණු කොළයක ලියා එම කරුණුවලටම ගැටලුව ළිහා ගැනීමට ඉඩ හරින්න. යථාර්තයෙන් ඉවතට දිව නොයා ඊට මුහුණ දිය යුතුය. තමාව සහ අන් අයව නීරසහාවයට පත් නොකර සිටීමට අභ්‍යන්තර ශක්තීන් වර්ධනය කර ගන්න. බුද්ධිමය ක්‍රියාකාරකම් මගින් ඔබේ මනස වර්ධනය කර ගන්න.

    කරදර මුලිනුපුටා දැමීමට ක්‍රම පහක්:
    1. වැළැක්විය නොහැකි දේ පිළිගෙන කාලයට ඉඩ දෙන්න.
    2. කරදරයට එරෙහිව ක්‍රියාත්මක වන්න.
    3. අනුන්ට උදව් කිරීමය යොමු වන්න.
    4. ජීවිතය අප සතු විට එය උපරිමයෙන්ම අත් විදින්න.
    5. අපේ ආශිර්වාද ගනණය කරන්න.

    මානසික සුවය සදහා වටිනා රීති තුනක්:
    1. ඔබ ගැන දැන ගන්න.
    2. ඔබට කැමති වන්න.
    3. ඔබ ඔබම වන්න.

    ඔබ වැනි අයකු ඇත්තේ එක්කෙනෙකු පමණයි;
    1. හුදෙකලාව සදහා මොහොතක් ලබා ගන්න.
    2. පුරුදු නමැති බාධකය බිද දමා,
    3. උද්වේගය හා ප්‍රීතිය වර්ධනය කරගෙන,
    ඔබ ඔබ පිළිබදව දැන ගන්න.

    තමාව ප්‍රිය කිරීමට ඉගෙන ගන්න;
    1. ඔබ ඔබම ලෙස පිළිගනිමින්
    2. ඔබේ වැරදි නිවැරදි කරගෙන, ඒවා අමතක කර දමා
    3. ඔබේ අඩුපාඩු ඉවසා ගනිමින්,
    4. තමා සමග තනියම ගත කිරීමෙන්,
    ඔබ ඔබටම ඇලුම් කරන්න.

    විවාහය :

    විවාහය පරිණත වූ අයටයි. සාර්ථක විවාහ ජීවිතයක් රදා පවතිනුයේ එකිනෙකා පිළිබදව සහ අන්‍යයන් සමග ඔවුන්ගේ ඇති සබදතාවන් පිළිබදව අවබෝධයක් තිබෙන, අනෙකාගේ යහපත හා සතුට වෙනුවෙන් තමා විසින් කළ යුතු දායකත්වය පිළිබදව අදහසක් තිබෙන බුද්ධිමය වශයෙන් පරිණත පෞරුෂයන් දෙකක් මතය.

    ගැහැණුන් සමග ජීවත් වන්නේ කෙසේද;
    1. ඇයව අගය කරන්න. - ඔබ දන්නා සතුටින් වෙසෙන සැමියන් පිළිබදව සිතා බලන්න. සැප පහසුවෙන් පිරුණු නිවසක්, රසවත් ආහාර, සෙනෙහස සහ විනෝදය ලබන ඔවුහු ආදරණීය බිරිදක් මුල් කරගෙන ඒවා අත් විදිති. ගැහැණියක දිනා ගැනීමට පමණක් නොව ඇය සදා සතුටින් තැබීමට හොදම සහ නොවරදින ක්‍රමය කිසිදු පැකිළීමකින් තොරව හද පුරා ඇයව අගය කිරීම බව එබදු වාසනාවන්ත පිරිමින් ඉගෙන ගෙන ඇත.
    2. පරිත්‍යාගශීලී වන්න. ඇය ගැන සැලකිලිමත් වන්න.
    3. ඔබේ පෙනුම රැක ගන්න.
    4. ගැහැණියගේ කාර්‍ය භාරය අගය කරන්න.
    5. ඔබේ බිරිදට සහය වන්න.
    6. ඇගේ රුචිකත්වය බෙදා ගන්න.
    7. බිරිදට ආදරය කරන්න.

    පිරිමින් සමග ජීවත් වන්නේ කෙසේද;
    1. යහපත් ගති ලක්ෂණ වලින් යුක්ත වන්න. වටහා ගන්නා කෙනෙකු වන්න.
    2. හොද සහායිකාවක වන්න.
    3. හොදින් ඇහුම්කන් දෙන්න.
    4. පහසුවෙන් වෙනස් වන්න. පිරිමියාගෙ සිතැගි අනුව හැඩ ගැසීමට මුලදීම ඉගෙන ගන්නා යුවතියක ' පිරිමින් සමග දිවි ගෙවීම අපහසුය' යන මායාව බිදගෙන දුර පැමිණ ඇත.
    5. කාර්යශූර වන්න. එහෙත් ආධිපත්‍යය නොපතන්න.
    6. ඔබ ඔබම වන්න. දුර්වලතා දුරු කර ගෙන හොද ගුණාංග දියුණු කර ගන්න.
    7. ඔබ ගැහැණියක් වීම පිළිබදව සතුටු වන්න.

    මිනිසුන් ආශ්චර්යජනය. ඔවුන්ව අගය කිරීමට ඉගෙන ගන්න. අනෙක් මිනිසුන්ට දැනෙනුයේ කුමක්ද යන්න අපට දැනිය යුතුය. අනෙක් අයට රිදවන දේ අපවත් රිදවන බව අවබෝධ කර ගත යුතුය. ඔබ අන්‍යයන් ආකර්ෂණය කරවන උණුසුම් ගති ගුණ වර්ධනය කර ගතහොත් මිනිසුන් ඔබව ප්‍රිය කරනු ඇත.

    ජීවිතයේ තාවකාලික පසුබැසීමකට හෝ අපේක්ෂා බිද වැටීමකට සාර්ථකව මුහුණ දීමට හුදෙක් වැඩ කිරීමේ පුරුද්ද වුවද ප්‍රමාණවත්ය. පෞද්ගලික දුක් ගැහැට හෝ ඕනෙම කරදරයකදී මහන්සි වී වැඩක නිරත වීම, මානසික පීඩාවන්ට මුහුණ දිය හැකි ක්‍රමයයි. කිසිදා බලාපොරොත්තු බිද නොගන්න. එහෙත් යම් හෙයකින් එසේ වුවහොත් කාර්ය බහුල වන්න.
    Dulanjala රාක්කයේ ඇත ·
Write a review
Write a review

You're reviewing: පරිණත ජීවිත මාවත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.