කම්මිත්තගේ දියණිය

Special Price රු. 560.00 Regular Price රු. 700.00
In stock
SKU
kammiththage-diyaniya-barbra-mutch-chithra-i-perera-wijesooriya

ඇඩා කළ සේවයට වන්දි ගෙවීමක් මට කළ හැකිද?

ෆිල් ජීවත් කරවන්නේ ඇඩා බව පැවසුයේ එඩ්වඩ්ය. එය කලාතුරකින් පිටවු අදහසකි.

ෆිල්ට සුවපත් වී නැගී සිටිය හැකි බව ආදරයෙන් ඉවසීමෙන් උණුසුම් සෙනෙහසින් පෙන්වා දුන්නේ ඇඩා විසිනි.

පවුල යනු ස්ථිර දෙයක් නොව ගලා යන දෙයක් බව මා තේරුම්ගෙන තිබේ. ඔවුහු විකාශනය වෙති. වේදිකාවට පිවිසෙති. ඇතැම් විට එක්වර පිටවී යති. ඇඩා ඇයගේ තැන සොයා ගත්තාය. අපට එයින් වුයේ සෙතකි. එහෙත් අප නිවසේ බිත්ති හතර මැදිදී වු විකාශනය පිටස්තර ලෝකයට අස්වාභාවික දෙයකි.

මම ඇඩාට මගේ දියණියකට මෙන් ආදරය කරන බව පාපෝච්චාරණය කර සිටින්නෙමි. දියණියක නොවු රෝස්මරීගේ භූමිකාව ඇඩාට හිමිවී ඇත.

Back to Top