රාජ කුමාරි

Special Price රු. 736.00 Regular Price රු. 920.00
Out of stock
SKU
raja-kumari-breena-shields-nimmi-muditha-herath-wijesooriya
අයිලාත් මමත් පුංචි කාලයේ පටන්ම 'මිනී මැරුවේ' එකටය. අයිලා මගේ ඔත්තුකාරියයි. ඇය විසින් ඔත්තු බලන ලද මිනිසුන්ව මරා දමන විෂ කන්‍යාව මම වීමි. කුඩා කල පටන් සිදුකළත්, ඒ 'මිනී මැරීම' කුඩාවුන්ගේ සෙල්ලමක් නොවීය. එය අපට පැවැරුණු රාජකාරියයි. ඒ අපුල රාජකාරියෙන් පලා යන්නට අප දෙදෙනාහට උවමනා විය. එහෙත් අපහට ලෙහෙසියෙන් පලා යා නොහැකිය. එයට හේතුව මා 'තවත් එක් විෂ කන්‍යාවක්' පමණක් නොවීම ය.
එසේනම් මා කවුරුන් ද?
නාග වංශයේ එකම එක 'රාජකුමාරිය' ද?
රාජධානියක් තරමට වටිනා සිරකාරියක් ද?
නැතිනම් සතුරු වංශයක අතුරුදන් වූ කුමරියක් ද?
Back to Top