ඇත්කඳ වලව්ව
''මට තේරෙන්නේ නෑ කිසි දෙයක්. ඔලුව කැක්කුමයිපැලෙන්න වගේ. සාරණ්‍යා. මේ වෙලාවේ ඔයා. කොහොමද මෙච්චර දුරක් තනියෙන් මාව හොයාගෙන ආවේ. ඕහ් ගෝඩ්. මොනවා හරි කරදරයක් උනා නම්. පිස්සුද කෙල්ලේ. ඔයාට මොනවා හරි උනා නම් මං ජීවත් වෙලා මොකටද.''
කේශර් සාරණ්‍යාගේ හිසමතින් අත්ල තබා ඇය මෙවන් අඳුරු රාත්‍රියක කිසිඳු බියක් නොමැතිව මෙලෙසින් කෙසේ පැමිණියා දැයි සිතා ගත නොහැකිව පැවසුවේය.
''ඔයා කිව්වට විශ්වාස කරයිද දන්නේ නෑ කේශ්. මං මං දන්නේ නෑ දෙයියනේ. කොහොමද මං මෙතනට ආවේ කියලවත්. මට මොනවා උනාද කියලා හිතා ගන්න බෑ. මාව ඉබේම ඇල්ල ගාවට ඇදිලා ආවා වගේ. මං වට පිට බලනකොට වටේම කළුවර. මේ මාමා එතනට නොඑන්න මං සිහිය නැතුව වැටිලා. මගෙ දෙයියනේ මතක් වෙද්දිත් ඇඟේ හිරිගඩු පිපෙනවා. මේ. මේ. අනේ කේශ් අපි ඉක්මන් කරලා යමු. අපේ අම්මයි අප්පච්චියිමං ගෙදර නෑ කියලා දැනගත්තොත් එහෙම මොනවා රයිද .වලව්වෙන් ඔයාවත් මෙලහකට හොයනවා ඇති. මට බයයි දෙයියනේ. අපි යමු.''