සෞන්දර්යවේදය හා කලා රසවින්දනය

Special Price රු. 578.00 Regular Price රු. 680.00
In stock
SKU
saundaryawedaya-ha-kala-rasawindanaya-ananda-sooriya

එසේ නම් සුන්දරත්වය යනු කවරක් ද? “රස” යනු කවරක් ද? විවිධාකාර වූ නිර්මාණ කෘති සුන්දර හෝ “රසවත්” (rasavant) යැයි හෝ කථා කරනු පිණිස අපට අවසරය ලබා දෙන්නේ කවරක් ද? බොහෝ සෙයින් අසාමාන කලා නිර්මාණ තුළ පොදුවේ පවතින මේ එක් ම ගුණාංගය කවරක් ද? අප කලා නිර්මාණයක ඉතිහාසය සිහිපත් කරමු.

(1) මුල් කලාකරුවා වන කවියා හෝ නිර්මාණකරුවා ගේ පාර්ශ්වයෙන් සෞන්දර්යය පිළිබඳ ප්‍රතිභාඥානයක් එහි ඇත. අනතුරු ව

(2) මේ ප්‍රතිභාඥානය පිළිබඳ ආභ්‍යන්තරික ව සිදු කරන ප්‍රකාශනය එහි ඇත - එය සැබෑ නිර්මාණය හෝ සුන්දරත්යව පිළිබඳ දෘෂ්ටිය යි.

(3) සන්නිවේදන අරමුණ උදෙසා මෙය බාහිර සංඥා (භාෂාව) මඟින් සඳහන් කිරීම - එය තාක්ෂණික ක්‍රියාවලිය යි. අවසන් වශයෙන් එහි ඇත්තේ

(4) මුල් ප්‍රතිභාඥානය නැත හොත් එයට යම් තරමකින් සමීප වන්නා වූ දැයක් ප්‍රතිනිෂ්පාදනය කිරීම සඳහා විචාරකයා හෝ රසිකයා තුළ ප්‍රතිඵල වශයෙන් හට ගන්නා උත්තේජනය යි.


- ඒ සුන්දරත්වය යනු කිසි යම් තත්ත්වයකි - (පිටු අංක 87)
Back to Top