JavaScript seems to be disabled in your browser. For the best experience on our site, be sure to turn on Javascript in your browser.
දැනට නව දැනුම්දීම් නොමැත
Robert Lawrence Stine
උදෑසන ප්‍රවෘත්ති
අපේ ඉස්කෝලේ හැමෝටම සුබ උදෑසනක්... සුපුරුදු පරිදි උදෑසන ප්‍රවෘත්ති ඉදිරිපත් කරන මා ඔබේ හිතවත් විදුහල්පති තුමා අප්වක්... මම මේ නිවේදන ටික කියවලා ඉවර වෙනකම් ඝෝෂා වෙන්නේ නැතිව ඉන්න කියලා මම මුලින්ම ඉල්ලා සිටිනවා. හැමෝටම ස්තූතියි... සුබ දවසක් වේවා...
ආයේ කිසිම දවසක ධාන්‍ය වර්ග අඩංගු උදෑසන ආහාර හදන්නේ නෑ කියලා අපේ කෝකියා බැලෝනි දන්වලා තියෙනවා. මොකද ඔයාලා ආහාර භාජනවල ලියලා තියෙන කුණුහරප කියවලා එයාට දැන් ජීවිතෙත් එපාවෙලාලු.
මේ විශේෂ නිවේදනය අපේ හෙදිය හැන්ලේ ගෙන්. බඩේ අමාරුවලට බෙහෙත් ගන්න එන අයට වමනය කරන්න ඕනෑ නම් ඒ සඳහා විශේෂ අවසරයක් අරන් එන්න කියලා හැන්ලේ මෙනවිය හැම දෙනාටම ආදරයන් මතක් කරනවා. මෙම විශේෂ අවසර පත් හැමදාම උදේ හයේ ඉඳලා හත දක්වා ලබාගන්න පුළුවන්.
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
විචාරයක් ලිවීමට පිවිසෙන්න