Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

බාල කාලේ මිතුරෝ

සේනාරත්න වීරසිංහ

තවම සමාලෝචන නැත
🌐 Sinhala 📚 1 ප්‍රකාශන In Stock

මේ කෘතියේ ඉංග්‍රීසි කතුවරයාවූ විලියම් සරොයන් නමැති ලේඛකයා කලකට ඉහතදී ප්‍රකාශ කර ඇත්තේ ලොව ලේඛකයන් දෙකොටසක් ජීවත්වන බවයි. ඒ මරණය සොයා යන ලේඛකයන් හා යහපත් ජීවිතයක් උදෙසා මරණය සමග නිරන්තර අරගලයක යෙදෙනා ලේඛකයන් වශයෙනි. මේ ලේඛකයා සිටින්නේ ඉන් කුමන පාර්ශ්වයේද යන්න 'බාල කාලේ මිතුරෝ' කියවන ඔබට ප්‍රත්‍යක්ෂවනු ඇතැයි සිතමි. මෙය කියවන විට සරොයන් උපන් භූමි ප්‍රදේශය ඔබේම භූමි ප්‍රදේශය යැයි දැනෙන හැඟීම මෙහිදී ඔබට මැඩගත නොහැකිවනු ඇත.

මෙරට ලියැවුණ 'වදුල', 'අපේ ගම' හා 'මා පයට තණ නිල්ල' වැනි විශිෂ්ට කෘතිවලින් ස්පර්ශ කෙරෙන ජන ජීවිතයට සාම්‍යවන අන්දමේ අත්දැකීම් ඔස්සේ, කතාකරුවා ජීවිතය පිළිබඳව පුළුල් අවකාශයක් අර්ථග්‍රහණය කරනා බවද ඔබ දකිනු ඇත.

මුද්‍රණ සහ ප්‍රකාශන 1

Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

මෙම කෘතිය ගැන ලියන්න