JavaScript seems to be disabled in your browser. For the best experience on our site, be sure to turn on Javascript in your browser.
දැනට නව දැනුම්දීම් නොමැත
Laurie Halse Anderson Fever · සුමිත්‍රා රාහුබද්ධ
මැටිල්ඩා කුක්, සිය මව ලුසිල් හා සීයා විලියම් කුක් සමඟ ෆිලඩෙල්ෆියාවේ වාසය කළ 14 හැවිරිදි දැරියකි. ජීවිතය පිළිබඳ අපූරු සිහින දකිමින් සිටින ඇය ඇතුළු සමස්ත ෆිලඩෙල්ෆියාවම උඩුයටිකුරු වන්නේ හදිසියේ පැතිර ගිය කහ උණ වසංගතය හේතුවෙනි. ඒ 1793 දීය. ඒ වන විට උණ කටුව හෝ වෙද නලාව සොයාගෙන තිබුණේ නැත. වෛද්‍යවරු දෙපසකට බෙදී ප්‍රතිකාර කරන්නට වූහ. කහ උණ හේතුවෙන් මැටිල්ඩාගේ පවුල විසිරී යයි. මැටිල්ඩාගේ මවට අයත් කෝපි අවන්හලෙහි සේවය කළ එලිසා කහ උණ රෝගීන්ට උපකාර කරන අප්‍රිකානු සංගමයට බැඳෙයි. මැටිල්ඩාගේ මවටද, සීයාටද, මැටිල්ඩාටද කහ උණ රෝගය වැළඳෙයි. මුළු නගරයම ගිනි ගනියි. සෑම උදෑසනකම මිනී එකතු කරන්නට අත් කරත්තයකින් පැමිණෙන මිනිසා "මිනී ගේන්න'යි" කෑ ගසයි.
මැටිල්ඩා මේ ව්‍යසනයට මුහුණ දුන් ආකාරය මෙම කෘතියෙන් කියැවෙන්නේ මනුෂ්‍යත්වයේ අඩු ලුහුඩු කම් මෙන්ම මානව දයාවද පිළිබඳ අපූර්ව විග්‍රහයක් ගෙන හැර පාමිනි.
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
විචාරයක් ලිවීමට පිවිසෙන්න