JavaScript seems to be disabled in your browser. For the best experience on our site, be sure to turn on Javascript in your browser.
දැනට නව දැනුම්දීම් නොමැත
නිලන්ත කුමාර ධනසේකර
දෙවියන් පිදීම, දෙවියන් නැමැදීම චිරාත් කාලයක සිටම සාමාන්‍ය ජනතාව විසින් සිදු කරන අතර එමඟින් පිහිට ලබා ගන්නා අයද බොහෝ ය. එසේ පිහිට ලබා ගැනීමේදී නියම ක්‍රමයට දෙවියන් නැමැදීම සිදු කළ යුතුය. නමුත් දෙවියන් පිදීමේ නිවැරදි ක්‍රම පිළිබඳව ජනතාව දැනුවත් වී නොමැත. මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා බොහෝ දෙනා තමන් ජ්‍යොතිෂය හා දෙවියන් පිළිබඳව කිසිවක් නොදන්නා නමුත් විවිධ ක්‍රමවලින් ලබා ගන්නා තොරතුරු පදනම් කර ගෙන පොත්පත් ලිවීමට පෙළඹී සිටිති. මෙය අනතුරුදායක තත්ත්වයක් බැවින් නියම ක්‍රමයට දෙවියන් පිදීම ජ්‍යොතිෂයට අනුවම සිදු කිරීම සඳහා සුදුසුකම් සහ ඒ පිළිබඳ මනා වැටහීමක් සහිත ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයෙකුගෙන් ම උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත් ය. නිලන්ත කුමාර ධනසේකර මහතා මේ පිළිබඳව මනා අවබෝධයක් සහිත ජ්‍යොතිෂ ශාස්ත්‍රය පිළිබඳව හසළ අවබෝධයක් ඇති අයෙකු බැවින් මෙම ග්‍රන්ථය ගම්භාර දෙවියන් පුදන සහ ගම්භාර දෙවියන්ගෙන් පිහිට අපේක්ෂා කරන සැමට ඉතා ප්‍රයෝජනවත් වටිනා ග්‍රන්ථයක් වශයෙන් වගකීමක් සහිතව හඳුන්වා දෙමු.
- ජේ. ඒ. ඩී. පෙරේරාප්රවීණ ලේඛක සහ ජ්‍යොතිෂවේදී
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
විචාරයක් ලිවීමට පිවිසෙන්න