JavaScript seems to be disabled in your browser. For the best experience on our site, be sure to turn on Javascript in your browser.
දැනට නව දැනුම්දීම් නොමැත
ජයවතී ලියනගේ
4 ශ්රේණිය 'ගණිතය ඇත්වැල' කෘතිය සම්පාදනය කළ ජයවතී ලියනගේ මහත්මිය 5 ශ්‍රේණියේ ඉගැන්වීම් කටයුතුවල 31 වසරක අත්දැකීම් සහ පළපුරුද්දක් සහිත ගුරුවරියකි. 5 ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂකවරියක් මෙන්ම ප්‍රධාන පරීක්ෂකවරියක් වශයෙන් ද කටයුතු කර ඇත. ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කරගත් පොත පත රාශියක් ම ලියා ඇති ඇය අධ්‍යාපනික පුවත්පත් රාශියකටම තම දායකත්වය සපයන්නියකි.
ශිෂ්‍යත්ව විභාගයේදී ප්‍රාථමික අධ්‍යාපනයේදී ගණිතය විෂයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. 4 ශ්‍රේණියේ සිට ගොඩනැගෙන ගණිතමය කුසලතාවය 5 ශ්‍රේණියේදී ගණිත සංකල්ප සාධනයට මනා පිටුබලයක් වනු ඇත.
2019 නව විෂය නිර්දේශය ඇසුරින් ජයවතී ලියනගේ මහත්මිය විසින් සම්පාදිත මෙම කෘතියෙන් නව විෂය නිර්දේශයේ සියළුම කොටස් ආවරණය වෙයි. මෙම කෘතිය පරිශීලනය කිරීම 5 ශිෂ්‍යත්ව විභාගයට සාර්ථකව පිළිතුරු ලබාදීමට මහෝපකාරී වනු ඇත. එසේම ගුරු භවතුන්ට සහ මේ සදහා උනන්දුවක් දක්වන දෙමව්පියන්ට ද මෙම කෘතිය අගනා මග පෙන්වීමක් වනු ඇතැයි මගේ විශ්වාසයයි.
යු.එල්. චම්පිකාකථිකාචාර්ය (ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවය)ගුරු වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථානය-හොරණ.
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
විචාරයක් ලිවීමට පිවිසෙන්න