Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අධ්‍යාපනික / ගණිතය අත්වැල 4 ශ්‍රේණිය

ගණිතය අත්වැල 4 ශ්‍රේණිය

ප්‍රකාශක (Publisher): ගුරු ගෙදර - Guru Gedara
About this book

4 ශ්‍රේණිය 'ගණිතය ඇත්වැල' කෘතිය සම්පාදනය කළ ජයවතී ලියනගේ මහත්මිය 5 ශ්‍රේණියේ ඉගැන්වීම් කටයුතුවල 31 වසරක අත්දැකීම් සහ පළපුරුද්දක් සහිත ගුරුවරියකි. 5 ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂකවරියක් මෙන්ම ප්‍රධාන පරීක්ෂකවරියක් වශයෙන් ද කටයුතු කර ඇත. ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කරගත් පොත පත රාශියක් ම ලියා ඇති ඇය අධ්‍යාපනික පුවත්පත් රාශියකටම තම දායකත්වය සපයන්නියකි.

ශිෂ්‍යත්ව විභාගයේදී ප්‍රාථමික අධ්‍යාපනයේදී ගණිතය විෂයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. 4 ශ්‍රේණියේ සිට ගොඩනැගෙන ගණිතමය කුසලතාවය 5 ශ්‍රේණියේදී ගණිත සංකල්ප සාධනයට මනා පිටුබලයක් වනු ඇත.

2019 නව විෂය නිර්දේශය ඇසුරින් ජයවතී ලියනගේ මහත්මිය විසින් සම්පාදිත මෙම කෘතියෙන් නව විෂය නිර්දේශයේ සියළුම කොටස් ආවරණය වෙයි. මෙම කෘතිය පරිශීලනය කිරීම 5 ශිෂ්‍යත්ව විභාගයට සාර්ථකව පිළිතුරු ලබාදීමට මහෝපකාරී වනු ඇත. එසේම ගුරු භවතුන්ට සහ මේ සදහා උනන්දුවක් දක්වන දෙමව්පියන්ට ද මෙම කෘතිය අගනා මග පෙන්වීමක් වනු ඇතැයි මගේ විශ්වාසයයි.

යු.එල්. චම්පිකා
කථිකාචාර්ය (ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවය)
ගුරු වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථානය-හොරණ.

ISBN
9789557818962
පිටු ගණන (Pages)
64
මුද්‍රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ගණිතය අත්වැල 4 ශ්‍රේණිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.