Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

හඬන විල

කේෂාන් හරේෂු

තවම සමාලෝචන නැත
🌐 Sinhala 📚 1 ප්‍රකාශන Out of Stock

මුද්‍රණ සහ ප්‍රකාශන 1

Customer Reviews 1
  1. ★★★★★ Horrer Fiction
    මෙය ග්‍රන්ථ සමාගම - Grantha (Pvt) Ltd ප්‍රකාශනය පිළිබඳ විචාරයකි
    "ඇයට දිස්වෙමින් තිබුනේ ගස්වලින් පිරුණු විශාල භූමියකි.

    නමුත් කුමක් හෝ වරදක් එහි සිදුවී ඇති බව ද ඇයට වැටහුණි.

    ගස් සියල්ලම ප්‍රතිවිරුද්ධව වර්ධනය වී ඇති බවක් දැනෙන්නට විය. සාමාන්‍යයෙන් ගසක් වර්ධනය වන්නේ පොළවේ සිට ඉහළට බව ඇය හොඳින්ම දන්නා කරුණකි. නමුත් මෙම ගස් වර්ධනය වී ඇත්තේ උඩු යටිකුරු වීමෙනි. නමුත් එවැන්නක් කෙසේ සිදුවිය හැකිද???

    නැත.

    ඇය දුටු ගස්වල කිසිඳු වෙනසක් නැත. වෙනස තිබුනේ ඇය තුළ ය.

    ඇය සිටියේ ඔළුවෙන් සිටගෙනය. පොළව සහ ඇය අතර අඩි හතරක පමණ පරතරයක් තිබුනි."

    "නෝනාවරුණි, මහත්වරුණි... මේ තියෙන්නේ අවුරුදු තිහක් තිස්සේ එකතු කරපු මගේ එකතුව.... මම දන්නවා මේක එක්තරා විදිහක විකාර එකතුවක් කියලා.ඒත් මේක මගේ විනෝදාංශය..."

    නිදන විල නම් ගමක ජීවත් වන ගම්වැසියන් අත්භූත ආකාරයෙන් අතුරුදහන් වන්නේ ඇයි???

    ඉසබෙලා සහ ජේම්ස් ට සිදු වූයේ කුමක්ද??

    මේ වූ කලී කේෂාන් හරේෂු ගේ සිව් වන නිර්මාණය වේ. සිය සුපුරුදු ආකාර්ෂණීය බස් වහරින් පාඨකයා වෙත නුපුරුදු අත්දැකීමක් ලබා දීමට ඔහු සමත් වී ඇති ආකාරය ඉතා අපූරු ය.

    මෙම කෘතිය ඔහුගේ දෙවන නිර්මාණය වන නිදන විල කෘතියේ දිගුවක් වේ.

    ශානරය - අත්භූත ප්‍රබන්ධ (Horrer fiction )
    ප්‍රකාශනය - ග්‍රන්ථ ප්‍රකාශන
    මුද්‍රණය - 2021 (පළමු)
    මිල - රු 900.00

    සටහන
    රංග යුදාර
    2022.01.17
    Ranga Yudara ·

මෙම කෘතිය ගැන ලියන්න