හඬන විල
About this book
නෝණාවරුණි, මහත්වරුණි.... මේ තියෙන්නෙ අවුරුදු තිහක් තිස්සෙ එකතු කරපු මගේ එකතුව... මම දන්නවා මේක එක්තරා විකාර දෙයක් විදියට ඕගොල්ලෝ දකිනව කියලා. ඒත් මේක මගේ විනෝදාංශය.......
සමහර මිනිස්සු පරණ මුද්දර එකතු කරනවා. සමහර මිනිස්සු කාසි එකතු කරනවා. සමහරක් මැරුණු සමනල්ලු එකතු කරනවා. ඒත් මගේ රස්සාව මිනී වළඳාන එක....ඉතින් මගේ විනෝදාංශය මිය ගිය මිනිස්සුන්ගේ දත් එකතු කරන එක. මේ ගමේ මිය ගිය හැම මිනිහෙකුගෙන්ම එකම එක දත ගානේ මේ බෝතල්වල තියෙනවා.
Details
ISBN
9786245572243
පිටු ගණන (Pages)
343
මුද්රණ තත්වය (Print)
මුද්රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
-
★★★★★ Horrer Fiction"ඇයට දිස්වෙමින් තිබුනේ ගස්වලින් පිරුණු විශාල භූමියකි.
නමුත් කුමක් හෝ වරදක් එහි සිදුවී ඇති බව ද ඇයට වැටහුණි.
ගස් සියල්ලම ප්රතිවිරුද්ධව වර්ධනය වී ඇති බවක් දැනෙන්නට විය. සාමාන්යයෙන් ගසක් වර්ධනය වන්නේ පොළවේ සිට ඉහළට බව ඇය හොඳින්ම දන්නා කරුණකි. නමුත් මෙම ගස් වර්ධනය වී ඇත්තේ උඩු යටිකුරු වීමෙනි. නමුත් එවැන්නක් කෙසේ සිදුවිය හැකිද???
නැත.
ඇය දුටු ගස්වල කිසිඳු වෙනසක් නැත. වෙනස තිබුනේ ඇය තුළ ය.
ඇය සිටියේ ඔළුවෙන් සිටගෙනය. පොළව සහ ඇය අතර අඩි හතරක පමණ පරතරයක් තිබුනි."
"නෝනාවරුණි, මහත්වරුණි... මේ තියෙන්නේ අවුරුදු තිහක් තිස්සේ එකතු කරපු මගේ එකතුව.... මම දන්නවා මේක එක්තරා විදිහක විකාර එකතුවක් කියලා.ඒත් මේක මගේ විනෝදාංශය..."
නිදන විල නම් ගමක ජීවත් වන ගම්වැසියන් අත්භූත ආකාරයෙන් අතුරුදහන් වන්නේ ඇයි???
ඉසබෙලා සහ ජේම්ස් ට සිදු වූයේ කුමක්ද??
මේ වූ කලී කේෂාන් හරේෂු ගේ සිව් වන නිර්මාණය වේ. සිය සුපුරුදු ආකාර්ෂණීය බස් වහරින් පාඨකයා වෙත නුපුරුදු අත්දැකීමක් ලබා දීමට ඔහු සමත් වී ඇති ආකාරය ඉතා අපූරු ය.
මෙම කෘතිය ඔහුගේ දෙවන නිර්මාණය වන නිදන විල කෘතියේ දිගුවක් වේ.
ශානරය - අත්භූත ප්රබන්ධ (Horrer fiction )
ප්රකාශනය - ග්රන්ථ ප්රකාශන
මුද්රණය - 2021 (පළමු)
මිල - රු 900.00
සටහන
රංග යුදාර
2022.01.17
Write a review
Write a review