මුද්‍රණ සහ ප්‍රකාශන 1
Customer Reviews 1
-
හැනාගේ සමුගැනිම 13 Reasons whyමෙය සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana ප්‍රකාශනය පිළිබඳ විචාරයකිකාගෙම හරි සියදිවි නසා ගැනිමකට ඔයාත් හේතුවක් උනොත්... ඉතින් මම අද කියන්න යන්නේ ඒ වගේ කතාවක් ගැන මේ පොතේ නම තමා හැනාගේ සමු ගැනිම . මේ පොත 13 Reasons why කියන එකේ සිංහල පරිවතනය .
මේ කෘතිය ඇතුලේ යෞවන ජීවිතයේ මානසික පීඩනය, පාසල් තුළ සිදුවන හිංසනය, අනිත් අයගේ වචන සහ ක්‍රියා පුද්ගලයෙකුගේ ජීවිතයට ඇති කරන බලපෑම වගේ ගැඹුරු සමාජීය තේමා මුල් කරගෙන රචනා වෙලා තියනවා
මේ කතාව ගැන කෙටියෙන් කිවොත් කතාවේ ප්‍රධාන චරිතය වන හැනා බේකර් සිය ජීවිතය අවසන් කිරීමට පෙර කැසට් පටි 13ක් පටිගත කරනවා. එම පටිවල ඇයගේ තීරණයට හේතු වූ පුද්ගලයන් සහ සිදුවීම් පිළිබඳ විස්තර ඇතුළත් වෙනවා. තවත් ප්‍රධාන චරිතයක් වන ක්ලේ ජෙන්සන් ට ඒ පටිගත කිරිම් අහනකොට ඇහෙන දෙවල් හිතා ගන්න බැරී වෙනවා.
මේ කතාව පාදක කරගෙන 13 reason why කියලා කතා මාලාවකුත් ( Tv series ) එකකුත් Netflix එකට නිකුත් වෙලා තියනවා.
ඉතින් Jay Asher තමයි 13 Reasons Why පොතේ කර්තෘ. එතකොට සුනිලා විජේසිංහ මහත්මිය මේ පොත සිංහලයට පරිවතනය කරලා තියනවා. ඒ වගේම තමා මේ පොත සරසවි ප්‍රකාශකයෝ විසින් ප්‍රකාශයට පත් කරලා තියනවා. ඒ වගේම තමා පිටු 347 ක් මේ පොතේ තියනවා .