Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / හැනාගේ සමුගැනීම

හැනාගේ සමුගැනීම

About this book

මහ සයුරක් නම් මගේ ආදරේ
ගොඩ බිමකට නම් එහි නෑ ඉඩ කඩ.

මහ කතරක් නම් මගේ ආදරේ
කිසිවක් එහි නැත වැලි තලය ම මිස.

රන් තරුවක් නම් මගේ ආදරේ
රෑ මැදියම පායයි, ඔබට එළිය ගෙන.

අත්තටු ලැබුණොත් මගෙ ආදරයට
පියා සලන්නම් හනිකට, අහසට...

A NOVEL BY JAY ASHER
13 REASONS WHY
උසස් විදුහල් සිසුවියගේ අනුවේදනීය කතාව
හැනාගේ සමුගැනීම
පරිවර්තනය සුනිලා විජේසිංහ

ISBN
9789553116406
පිටු ගණන (Pages)
347
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. හැනාගේ සමුගැනිම 13 Reasons why
    කාගෙම හරි සියදිවි නසා ගැනිමකට ඔයාත් හේතුවක් උනොත්... ඉතින් මම අද කියන්න යන්නේ ඒ වගේ කතාවක් ගැන මේ පොතේ නම තමා හැනාගේ සමු ගැනිම . මේ පොත 13 Reasons why කියන එකේ සිංහල පරිවතනය .

    මේ කෘතිය ඇතුලේ යෞවන ජීවිතයේ මානසික පීඩනය, පාසල් තුළ සිදුවන හිංසනය, අනිත් අයගේ වචන සහ ක්‍රියා පුද්ගලයෙකුගේ ජීවිතයට ඇති කරන බලපෑම වගේ ගැඹුරු සමාජීය තේමා මුල් කරගෙන රචනා වෙලා තියනවා

    මේ කතාව ගැන කෙටියෙන් කිවොත් කතාවේ ප්‍රධාන චරිතය වන හැනා බේකර් සිය ජීවිතය අවසන් කිරීමට පෙර කැසට් පටි 13ක් පටිගත කරනවා. එම පටිවල ඇයගේ තීරණයට හේතු වූ පුද්ගලයන් සහ සිදුවීම් පිළිබඳ විස්තර ඇතුළත් වෙනවා. තවත් ප්‍රධාන චරිතයක් වන ක්ලේ ජෙන්සන් ට ඒ පටිගත කිරිම් අහනකොට ඇහෙන දෙවල් හිතා ගන්න බැරී වෙනවා.

    මේ කතාව පාදක කරගෙන 13 reason why කියලා කතා මාලාවකුත් ( Tv series ) එකකුත් Netflix එකට නිකුත් වෙලා තියනවා.

    ඉතින් Jay Asher තමයි 13 Reasons Why පොතේ කර්තෘ. එතකොට සුනිලා විජේසිංහ මහත්මිය මේ පොත සිංහලයට පරිවතනය කරලා තියනවා. ඒ වගේම තමා මේ පොත සරසවි ප්‍රකාශකයෝ විසින් ප්‍රකාශයට පත් කරලා තියනවා. ඒ වගේම තමා පිටු 347 ක් මේ පොතේ තියනවා .
    Anjali ·
Write a review
Write a review

You're reviewing: හැනාගේ සමුගැනීම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.