Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / කාල තරණය
About this book

සමහර මතකයන් සදහටම අමතකව තිබීම යහපත් ය.

ඇයව නිර්මාණය කළ ඩයෝටෙක් විද්‍යාඥයන්ගෙන් පලා ගිය සෙරපිනා සහ සෙන් විශ්වාස කළේ අවසානයේ දී ඇයගේ බිහිසුණු අතීතයෙන් ඔවුන් මිදුණු බවයි.

එහෙත් 1609 වසරේ ඔවුන්ගේ සිහින පාරාදීසයේ එලෙස නිදහස් සිතින් ජීවත් වීමට ඔවුන්ට වැඩි කලක් ඉඩ ලැබුණේ නැත. හදිස්සියේම සෙන් අබිරහස් අසනීපයකට ගොදුරු වීමත් සමඟම ඒ සියල්ල කණපිට පෙරළිණි. එතැන් සිට ගත වන සෑම මොහොතකදීම ඔවුන්ට මුහුණ පෑමට සිදු වූයේ අලුත්ම තර්ජනවලටයි. සේරා සතුව තිබෙන අසාමාන්‍ය හැකියාවන් නිසා තත්ත්වය තවත් බරපතළ අතට හැරුණේය.

ඩයෝටෙක්ලා ද ඔවුන්ගේ ලුහුබැඳීම නතර කර නොතිබිණි. ඔවුන් මෙවර ඒ සඳහා නිර්මාණය කර තිබුණේ මාරාන්තික අවියකි. එයින් බේරී සැඟව සිටීමට සෙරපිනාට හැකිවේද?

සෙන්ව බේරා ගැනීමටත් ඇයව නිර්මාණය කළ සමාගම පරාජය කිරීමටත් සෙරපිනාට ඇති එකම බලාපොරොත්තුව රහසක් ලෙස ඇයගේ මනස අභ්‍යන්තරයේ තැන්පත්ව පවතී. එහෙත් ඒ රහස රැකගැනීමට ඩයෝටෙක්ලා මිනී මැරීමට වුවද සූදානම් ය. රහස හෙළි වේවිද? ඩයෝටෙක්ලා ඒ වෙනුවෙන් සෙරපිනාව අහිමි කරගනීවිද?

ISBN
9786245519057
පිටු ගණන (Pages)
463
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කාල තරණය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.