මුද්‍රණ සහ ප්‍රකාශන 1
Customer Reviews 1
-
හොල්මන් මැඳුරමෙය වාසනා ප්‍රකාශකයෝ - Wasana Prakashakayo ප්‍රකාශනය පිළිබඳ විචාරයකි
හොල්මන් මැඳුර ක අබිරහසක් විසදන්න යමුද ? මම අද කියන්නේ ආන්න ඒ වගේ කතාවක් ගැන
හොල්මන් මැඳුර කියන මේ කතාව The Secret of Terror Castle කියන කතාවේ සිංහල පරිවර්තනය වෙනවා. කතාව The Secret of Terror Castle කියන කතාව The Three Investigators කතා මාලාවේ ආරම්භක නවකතාව. ඒ වගේම මේ කතාව රචනා කරලා තියෙන්නේ Robert Arthur මහතා විසින් . ඒ වගේම සන්ධ්‍යා කුමාරි කුලතුංග මහත්මිය විසින් සිංහලයට පරිවර්තනය කරලා තියනවා. ඒ වගේම තමා වාසනා ප්‍රකාශන ආයතනය මගින් මේ පොත ඔරකාශයට පත් කරලා තියනවා.
ජුපිටර් ජොන්ස් , පීටර් සහ බොබ් ඇන්ඩෲ කියන තරුණ රහස් පරීක්ෂකයන්ගේ පළමු වික්‍රමාන්විතය අපට හඳුන්වා දෙන කෘතිය තමා මේ .
මේ කතා මාලාවේ තියන විශේශත්වය තමා මේ කතා මාලාවක් විදිහට තිබුනත් අපි මොන පොතෙන් කියවන්න පටන් ගත්තත් කිසිම බාදාවක් නැතිව කියවගෙන යන්න පුලුවන් . මොකද ජුපිටර් , පීටර් සහ බොබ් කියන චරිත තුන හැම කතාවෙම ඉන්න චරිත වුනත් ඒ ඒ කතාවට ආවේනික වුන වෙනම අබිරහසක් ඒ ඒ අදල කතාවට තියන නිසා.
මේ කතාව ගැන බැලුවොත් හොල්මන් සැරිසරනවා කියලා ප්‍රසිද්ධ පැරණි මන්දිරයක් වටා ගොඩනැගුණු මෙම කතාව මුල් පිටුවේ ඉදලම පාඨකයාගේ කුතුහලය අවදි කරනවා. අමුතු ශබ්ද, අඳුරු කොරිඩෝ, රහස් කාමර සහ බිය උපදවන සිදුවීම් නිසා මෙ කතාව සැබෑ අවතාර සම්බන්ඳ කතාවක්දැයි සිතෙන තරම් මේ කතාවේ සිද්දින් නිර්මාණය කරලා තියනවා.
ඒත් කතාව ඉදිරියට යන කොට, බයට වඩා වැදගත් වෙන්නේ සාක්ෂි, නිරීක්ෂණය සහ තර්කානුකූල චින්තනය කියලා මේ යාලුවන් තුන්දෙනා පෙන්නලා දෙනවා.
ජුපිටර් ගේ බුද්ධිය, පීටර්ගේ ධෛර්යය සහ බොබ් ගේ පර්යේෂණ හැකියාව එකට එකතු වෙලා අභිරහස පියවරෙන් පියවර හෙළි කරගන්න එයාලාට පුලුවන් වෙයිද ?
මෙම නවකතාවේ විශේෂත්වය වෙන්නේ එ කතාවේ තියන අඳුරු සහ රහස්මය වාතාවරණය. පාඨකයා අවසානය දක්වාම "ඇත්තටම මේ මාලිගාවේ හොල්මනක් ඉන්නවාද?" යන ප්‍රශ්නය සමඟ ගමන් කරනවා.
අභිරහස්, වික්‍රමාන්විත සහ ත්‍රාසජනක කතා රසවිඳින ඕනෑම කෙනෙකුට මෙ පොත අනිවාර්යයෙන්ම කියවන්නම ඔන නවකතාවක් කියලා මම හිතනවා.
"බිය බොහෝ විට උපදින්නේ නොදන්නා දේවලින්. නමුත් සත්‍යය සොයා යන්නට ධෛර්යය තිබේ නම්, අඳුරු ගැඹුරු අභිරහසක් වුවද විසඳිය හැක."