Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

මන්දාලෝකය

මලිති රත්නායක

තවම සමාලෝචන නැත
🌐 Sinhala 📚 1 ප්‍රකාශන In Stock

මුද්‍රණ සහ ප්‍රකාශන 1

Customer Reviews 2
  1. Highlights
    මෙය කර්තෘ ප්‍රකාශන - Self Published ප්‍රකාශනය පිළිබඳ විචාරයකි
    රාත්‍රියක් උදා නොවෙන ලොවක සදාකාලික සූර්යයාලෝකය ලබන අපි, දොළොස් පැයක් විවේකය සඳහාත්, ඉතිරි දොළොස් පැය එදිනෙදා කාර්‍යයන් සඳහාත් යොදා ගත්තෙමු. මෙම ද්විත්ව සූර්‍යයන් යනු පුරාණ දෙවිවරුන්ගෙන් ලැබුණු වරයක් බැව් කියවුණි.

    ඔහු සුදුමැලිය! හිස් කබල තුළ ගිලුණු දෑස් ඔහුගේ කඩවසම් මුහුණ අඳුරු කළේය. දෙතොල්ද කළුගැසී ගොසිනි. තවදුරටත් පෙර දින කී ලෙස ඔහු මගේ බාහිර පෙනුමට සමාන කමක් දක්වතැයි පැවසීමට මම අපොහොසත් වූයෙමි. ඔහු වඩාත්ම සමාන කම් දක්වන්නේ සෙසු බාහිජා වැසියන්ට බව පැහැදිලිව පෙනෙන්නට තිබුණි.

    වියැළී ගිය කොළ රොඩු ගිනිගැනීම ඇරඹෙන විට මෙන් සිරුරේ තැන් තැන්වලින් කුඩා දුම් රොටු නගමින් ඔවුන්ගේ මතුපිට සම සූර්‍යය රශ්මිය විසින් පුළුස්සා දමන අයුරු අසල මඩුවකට මුවා වී බලා සිටියෙමි. එහේතුවෙන් වහනය වූ පුළුටු ගඳ මිශ්‍ර ජුගුප්සාජනක ගන්ධය ඇති කළේ දැඩි අපුලකි.

    මෙහි වූ කම්කරුවෝ ඉතා ශක්තිවන්තයෝය. "ඉතා" යන විශේෂණය පවා ඔවුන්ගේ ශක්තිය විස්තර කිරීමෙහිලා මදිකමකි. මා මගේ හිස තරම් ගල්ගෙඩියක් ඔසවන්නට යොදන ආයාසයෙන් ඔවුන් අඩි පහක් උස අඩි හය හතක් පළල තනි ගලින් කැපූ ගඩොල් තම දෑතින් ඔසවා තබමින් හෝ එසේ එක මත එක ඔසවා තැබූ ශෛලමය ගඩොල් තනි අතින් තල්ලු කොට මට්ටම් කරමින් අපූරු ගොඩනැඟිලි තනන අයුරු මම දැක ඇත්තෙමි.

    "ඒක ලොකු රහසක්. ඒ ගැන මගෙන් අහන්න එපා. කවදා හරි මම ඔබට හැමදේම කියන බවට පොරොන්දු වෙන්නම්. එතෙක් ඒ ගැන මගෙන් විමසන්න එපා. ඒ ගැන හොයන්න ගියොත් ඔබ බොහොම ලෙහෙසියෙන් කරදරේ වැටේවි. ඒ නිසා ඒ ගැන හාරාවුස්සන්න යන්නත් එපා. හොඳම දේ ඉවසා බලා හිඳීමයි. හැමදෙයක්ම වෙනස් වෙන දවසක් ළඟදිම එන බව විතරක් මම කියන්නම්..."

     අප සිදු වේවායි ප්‍රාර්ථනා කරන යමක් වේද, එය සිදු නොවන තැනටම කටයුතු යෙදී බලාපොරොත්තු කඩ වන්නේ කෙසේද එසේම අප සිදු නොවේවායි පතන යමක් වේද එය සිදු වීමෙන් අපේක්ෂා භංගත්වයට අප ඇද දැමීමෙහි ප්‍රවණතාවයද සැමවිටම දෛවෝපගත ලෙස ඉහළ අවස්ථාවක පවතින බව මා මෙන්ම ඔබද අත් විඳ ඇතිවාට සැකයක් නැත.

    ගැහෙමින් සිටි ගැහැනියගේ සිරුරෙහි සෑම තැනකම පිළිස්සුම් දිය පට්ට දමමින් සහ ඒවා පුපුරා යමින් බලා සිටියදීම ඇය විරූපී වන්නට වූ අතර දියාරු මැට්ටෙන් කළ නොවියැලුණු පිළිරුවක් මෙන් සම අස්ථි තුළින් බේරී එල්ලෙමින් මා මෙතෙක් දැක ඇති භයානකම දසුන මගේ දෑස් ඉදිරියෙහි මවන්නට විය. මම ඈ වෙත දිවයන්නට සිතා සිටියද හදිසියේ සිදු වූ එම බියජනක විපර්‍යාසය නිසාවෙන් දෑත් දෙපා අක්‍රියව ගිය කළෙක මෙන් හුන් තැනම ත්‍රස්තව බලා සිටියෙමි. තවත් එක් මිනිත්තුවක තරම් කාලයක් හෝ ගෙවි යෑමට මත්තෙන් කළු පැහැති දුමාරයක් බවට පත් වූ පෙර කී තැනත්තියගේ සිරුර වාෂ්ප වී ගියේ, මා භීතියටත් වඩා උහුලා ගැනීමට පවා අපහසු කම්පනයකට පත් කරමිනි. මරුවිකල්ලෙන් දැඟලූ අවස්තාවේදී ඇය වැටී සිටි තැන පොළොවෙහි හෑරී ගිය වැල්ලෙහි වූ සටහන් සහ මිය යෑමට පෙර හැඳ සිටි ඇඳුම් පැළඳුම් නොවන්නට එහි කිසිවෙකු සිටි බවට තහවුරු කළ හැකි තරමේ ශරීර කොටස් කිසිවක් ඉතිරිව තිබුණේ නැත.

    කෝප සහගත අඳුරක් මගේ ඇතුළාන්තය අරක්ගෙන සිටිමින්, මෙහි වැසියන් පවා පරයා යන තරම් ශක්තියක් මා තුළ ජනනය කොට තිබුණි. මා කළ දෙය කෙතරම් බරපතලද යන්න වටහා ගැනීමට එක් ක්ෂණයක් ප්‍රමාණවත් විය. මෙතෙක් කල් කිසිවෙකුට එක් සිතුවිල්ලකින් පවා වරදක් නොකළ මා මෙතරම් දරුණු වූයේ කෙසේදැයි යන්න සිතා ගැනීමට නොහැකි තරම් විය. මෙහි වසන්නන් නපුරු සිත් ඇත්තන් වන්නේ මෙලෙස ආගාධ පතුලක සිර කර තැබීමෙන්දෝ යන විකාර, උමතු සිතුවිල්ල මගේ සිතට නැඟී ආවේ, මා භයානක යක්ෂණියක කළේ මේ ආගාධ පතුලෙහි ගෙවූ කාලය විසින් බව මා විශ්වාස කළ හෙයිනි.

    ඔබ, මම, අප සියලු දෙනාම බිහි වන්නේ,  තම තමන් අතින් ඉටු විය යුතු යම් සුවිශේෂී කාර්‍යභාර්‍යයක් සියතෙහි දරා ගෙනය. දෛවය විසින් නියම කරන ලද එකී කාර්‍යය ඉටු කිරීමට පෙර අප කිසිවෙකුට  ජීවිතය නම් වූ කාලපරිච්ඡේදයෙහි අවසානය තීරණය කොට එය කෙටි කාලයකට සීමා කිරීමට ඉඩ කඩ ලැබෙන්නේ නැත. එසේම තම තමන් පැමිණි කාර්‍යය ඉටු කළ පසු තවදුරටත් ජීවිතයෙහි එල්ලී සිටීමද කළ නොහැකිය. වෙලාව පැමිණි විට සියල්ල අතහැර යා යුතුය.

    "... පුරාවෘත්තයෙහි කියවෙන ලෙස බොහෝ කලකට පෙරාතුව, වඩා නිවැරදිව පවසතොත්, මේ රාජ්‍යය බිහිවීමට පෙර කාලයක, ඒ හා සමාන රාජ්‍යයන් පැවතුණ වෙනත් ලොවක් බිහිව තිබුණා. සමහර විට එම ලොවටත් පෙර තවත් ලෝකයක්, ඊටත් පෙර වෙනත් එකක් ලෙස සදාකාලික අතීතය තෙක් ඇදී ගිය දාමයක වර්ථමාන පුරුක අපි වෙන්න ඇති කියන එකයි දැනට පවතින විශ්වසය..."

    "ඒත්... ඒත් හිටිහැටියේ සමහර දේවල් වෙනස් වෙන්න ගත්තා. ලෙහෙසියෙන්ම විනාශ වෙලා යන්නම බිහි වුණ ලෝකය, තම විනාශය සොයා යන්න හැකි සෑම ප්‍රයත්නයක්ම දරන බවක් ප්‍රකට කළා..."

    වැඩිහිටි පුද්ගලයින්ගෙන් ඇරඹුණු මරණීය දසුන කිරිකැටි දරුවන් වෙත ළඟා වන දෙස බලාසිටීමට තරම් මම ධෛර්යය සම්පන්න නොවූයෙමි. මවගේ අතෙහි සිටියදීම අතුරුදන්ව ගිය ළදරුවා යළිත් එක් වරකට තම ළයට තුරුලු කර ගැනීමට තැත් දැරූ අවිහිංසක කාන්තාව දෙස බලා සිටිය නොහැකි වූ මම දෑස් තද කොට පියාගත්තෙමි. කිසිවක් දකින්නට හෝ අසන්නට මට වුවමනා වූයේ නැත. ඒ කුඩා ළදරුවාගේ පටන් අද දින මිය ගිය සහ මිය යන සියල්ලන්ගේම මරණයට වගකිව යුතු මා නොවේ යයි පැවසිය හැකි කිසිවෙකු හෝ නොවනු ඇත.
    Milley ·
  2. මිනිසුන් බිහි වූ හැටි ගැන ප්‍රබන්දයකි.
    මෙය කර්තෘ ප්‍රකාශන - Self Published ප්‍රකාශනය පිළිබඳ විචාරයකි
    "... පුරාවෘත්තයෙහි කියවෙන ලෙස බොහෝ කලකට පෙරාතුව, වඩා නිවැරදිව පවසතොත්, මේ රාජ්‍යය බිහිවීමට පෙර කාලයක, ඒ හා සමාන රාජ්‍යයන් පැවතුණ වෙනත් ලොවක් බිහිව තිබුණා. සමහර විට එම ලොවටත් පෙර තවත් ලෝකයක්, ඊටත් පෙර වෙනත් එකක් ලෙස සදාකාලික අතීතය තෙක් ඇදී ගිය දාමයක වර්ථමාන පුරුක අපි වෙන්න ඇති කියන එකයි දැනට පවතින විශ්වසය..."
    Thusharika ·

මෙම කෘතිය ගැන ලියන්න