JavaScript seems to be disabled in your browser. For the best experience on our site, be sure to turn on Javascript in your browser.
දැනට නව දැනුම්දීම් නොමැත
නන්දසේන රත්නපාල
දුක සැප නිති හමුවෙන ලොවක ජීවත්වන අපි දුක උප තැන ඉන් මිදීමට තැත් කරමු. දුක අප ලුහුබැඳ එන්නේ ඇයි? අපට දුක පිටු දැකිය නොහැකිද? දුකින් තැවෙන මිනිසුන් එසේ වේදනාභරිත වීමට බලපාන කර්මයක් තිබේද?
එදා මෙදා තුර මිනිසා මෙම කාරණා ගැන විමසිලිමත් විය. අප මෙලොවදීම කරන කර්මයක් අපට දුක හෝ සැප ලබා දෙන්නේය යන අදහස දරමින්ම අපි තවමත් දුකේදී හඬමු. වැළපෙමු.
මේ ජීවිතයේදීම පලදෙන කර්මය නම් මෙම කෘතිය අප සොයා ආ දුක ආවේ ඇයි ද යන්න මැනවින් පෙන්වා දෙන ජීවිත ජවනිකා පෙළක් වැන්න.
අප අනෙකාට දුන් දුක කාලයාගේ ඇවෑමෙන් අප සොයා එන හැටිත් ඉන් බේරී පලායාමට නොහැකි හැටිත් මෙම කෘතිය පැහැදිලි කරන්නේ ආනුභවිකවම දුක්බර කටුක මිනිසුන්ගේ කයෝර ක්‍රියාකාරකම් දෙස බලා සිට ඔවුන්ගේ රළු පරළු දිවියට සමීප වෙමිනි. බුදුදහමේ පරම සත්‍යය කියා දීමට වඩාත් ජනකාන්ත ක්‍රමවේදය මෙම කෘතිය ප්‍රශස්තව යොදාගෙන ඇත.
කීර්තිශේෂ භාවෝපගත මහාචාර්ය නන්දසේන රත්නපාල ඥානයෙන් වියත් මනස සිදුරු කර නොගත් ප්‍රඥාවන්ත වියතෙකි. ඥානවන්ත උගතුන් අතර කලාතුරකින් දැකිය හැකි විරල ගණයේ ප්‍රඥාවන්ත වියතකු වූ එතුමා මෙම කෘතිය මගින් පොදු ජන සමාජයට සුවිශේෂ මෙහෙයක් සිදු කර ඇත.
මහාචාර්ය දයා අමරසේකරසමාජ විද්‍යා අංශයපේරාදෙණිය විශ්වවිද්‍යාලය
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
විචාරයක් ලිවීමට පිවිසෙන්න