Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / සමාජ විද්‍යාත්මක / මේ ජීවිතයේදීම පලදෙන කර්මය

මේ ජීවිතයේදීම පලදෙන කර්මය

ප්‍රකාශක (Publisher): ගොඩගේ - Godage
About this book

දුක සැප නිති හමුවෙන ලොවක ජීවත්වන අපි දුක උප තැන ඉන් මිදීමට තැත් කරමු. දුක අප ලුහුබැඳ එන්නේ ඇයි? අපට දුක පිටු දැකිය නොහැකිද? දුකින් තැවෙන මිනිසුන් එසේ වේදනාභරිත වීමට බලපාන කර්මයක් තිබේද?

එදා මෙදා තුර මිනිසා මෙම කාරණා ගැන විමසිලිමත් විය. අප මෙලොවදීම කරන කර්මයක් අපට දුක හෝ සැප ලබා දෙන්නේය යන අදහස දරමින්ම අපි තවමත් දුකේදී හඬමු. වැළපෙමු.

මේ ජීවිතයේදීම පලදෙන කර්මය නම් මෙම කෘතිය අප සොයා ආ දුක ආවේ ඇයි ද යන්න මැනවින් පෙන්වා දෙන ජීවිත ජවනිකා පෙළක් වැන්න.

අප අනෙකාට දුන් දුක කාලයාගේ ඇවෑමෙන් අප සොයා එන හැටිත් ඉන් බේරී පලායාමට නොහැකි හැටිත් මෙම කෘතිය පැහැදිලි කරන්නේ ආනුභවිකවම දුක්බර කටුක මිනිසුන්ගේ කයෝර ක්‍රියාකාරකම් දෙස බලා සිට ඔවුන්ගේ රළු පරළු දිවියට සමීප වෙමිනි. බුදුදහමේ පරම සත්‍යය කියා දීමට වඩාත් ජනකාන්ත ක්‍රමවේදය මෙම කෘතිය ප්‍රශස්තව යොදාගෙන ඇත.

කීර්තිශේෂ භාවෝපගත මහාචාර්ය නන්දසේන රත්නපාල ඥානයෙන් වියත් මනස සිදුරු කර නොගත් ප්‍රඥාවන්ත වියතෙකි. ඥානවන්ත උගතුන් අතර කලාතුරකින් දැකිය හැකි විරල ගණයේ ප්‍රඥාවන්ත වියතකු වූ එතුමා මෙම කෘතිය මගින් පොදු ජන සමාජයට සුවිශේෂ මෙහෙයක් සිදු කර ඇත.

මහාචාර්ය දයා අමරසේකර
සමාජ විද්‍යා අංශය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

ISBN
9789553046673
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මේ ජීවිතයේදීම පලදෙන කර්මය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.