ශ්‍රී ලංකාවේ යාචකයා
මහාචාර්ය නන්දසේන රත්නපාල යාචකයෙක් වී සෑහෙන කාලයක් ගත කළ බව ප්‍රකට වූ විට අපේ රට පුරාම බලවත් උනන්දුවක් පහළ විය. ඒබඳු කටයුත්තක් අපේ රටේ කිසිම අයකු විසින් මින් පෙර නොකොට තිබූ නිසා මේ පර්යේෂණයේදී දෙවෙනි යුගයේදී මටත් පර්යේෂණ කෙෂ්ත්‍රයට ගොස් මහාචාර්යවරයාට සහය වීමට ඉඩ ලැබිණ. අප ඉන් ලත් දැනීමත් ආශ්වාදයත් ඉතා මහත්ය. අප පමණක් නොව එකල, විද්‍යොදය විශ්වවිද්‍යාලයෙන් (අද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන්) උගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් දහස් ගණනක් මේ පර්යේෂණයෙන් අලුත් නැණසක් පාදාගත්හ.
ශ්‍රී ලංකාවේ යාචකයා පර්යේෂණ ක්‍රම විද්‍යාව පිළිබඳ පමණක් නොව සමාජ විද්‍යා හා මානව විද්‍යා කෙෂ්ත්‍රයට අදාළ විශාල දැනුම් සම්භාරයක් අප වෙත ගෙන ඒන ග්‍රන්ථයකි. අපේ අනාගත පරපුර මෙන්ම වර්තමාන ශ්‍රී ලාංකික සිංහලයන් මේ ග්‍රන්ථය ආදරයෙන් කියවුනු දැකීමට මම බගාපොරොත්තු වෙමි. වෙනත් වටිනා සමාජ විද්‍යා හා මානව විද්‍යා ග්‍රන්ථ රාශියක් මහාචාර්යවරයා ලියා ඇතත්, මේ ග්‍රන්ථය ආදරයෙන් කියවනු දැකීමට බලාපොරොත්තු වෙමි. වෙනත් වටිනා සමාජ විද්‍යා හා මානව විද්‍යා ග්‍රන්ථ රාශියක් මහාචාර්යවරයා ලියා ඇතත්, මේ ග්‍රන්ථය පමණක් ලිවුවේ වුවත්, ඔහුගේ නම සඳහටම අප අතර රැඳෙන්නට ඒයම ප්‍රමාණවත්ය. "ශ්‍රී ලංකාවේ යාචකයා" සමාජ විද්‍යා හා මානව විද්‍යා කෘතියක් මෙන්ම සාහිත්‍ය රසයෙන් අනූන ග්‍රන්ථයක් බවද කීම ඒ ග්‍රන්ථයේ රස විඳගත් මගෙග් යුතුකමකි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.