JavaScript seems to be disabled in your browser. For the best experience on our site, be sure to turn on Javascript in your browser.
දැනට නව දැනුම්දීම් නොමැත
එරික් ඉලයප්ආරච්චි
තරුණ සිංහල සංගීතඥයෙක් ස්විට්සර්ලන්තයේ දී දේවර් සූර්ය සේන පිළිබඳද ආචාර්ය උපාධි ලබා මව්බිම පැමිණෙයි. ඔහු තම පර්යේෂණයෙන් මඟ හැරුණු සමකාලීන සිංහල සංගීතයේ සත්‍ය කතාව කියන්නට ප්‍රබන්ධයක් රචනා කරයි. ඒ සංගීතය පිළිබඳ පරමෝත්කෘෂ්ට අදහස් රෝපණය කළ වෙනත් සංගීතඥයන් ගැන ය. කලාව පිළිබඳ පටු ආකල්පවලින් බැඳදල් වී ගිය කඨෝර කලා සමාජයක එවැනි අදහස් දරන්නෝ න්‍යාය හා භාවිතය, ප්‍රබන්ධය හා සත්‍යය, පෙරදිග හා අපරදිග, නිර්මාණය හා විපරීතය යනාදිය අතර මංමුළා වෙති.
චිරන්තන බෞද්ධ සාහිත්‍යයේ අනුප්‍රාණයෙන් සිංහල සංගීතයේ වේදනාවර නකුල වීනා සොයා යන කතුවරයා, නකුල පදයේ සැඟවුණු මුගටි හා නකුල වීණා යන ගුප්තාර්ථ ඔස්සේ සිය නිබන්ධයේ ප්‍රබන්ධය වෙනා කරමින් වර්තමාන සමාජයේ ජරාජීර්ණ කලාත්මක රූපප හා බිහිසුණු ප්‍රතිවිරෝධතා අනායිරණය කරයි. සමාජ පරිහානියේ කැඩපතක් ලෙස සංස්කෘතිය හා කලාව ද සංස්කෘතික වෙළෙඳාමටත්, සංස්කෘතික භෝක්තෘවාදයටත් යට වෙද්දී මහා කවි පැබ්ලෝ නෙරූඩාගේ අවතාරය සිය මුගටියා හා දෙමළ සුන්දරිය සමඟ නැවත වැල්ලවත්තට එයි.
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
විචාරයක් ලිවීමට පිවිසෙන්න