JavaScript seems to be disabled in your browser. For the best experience on our site, be sure to turn on Javascript in your browser.
දැනට නව දැනුම්දීම් නොමැත
තිලක් කපුගේ
අපේ මිතුරා වෙත ලියමි
කපූ...උඹ ලුම්බිණියේ...'කම්පන' මංගල දර්ශනය... තිබ්බ දවසේ...ඇවිත් උඹේ විඩාබර මුහුණ දකින්නමට හොඳට හුරු උඹේ අඬහැරය අහන්න...හරි ආසාවෙන් හිටියෙ...ඒත් කපූ...අපිට තාම රුපියල් සතවලින්ඒ තරම් සහයෝගයක් නෑ...!ආර්ථිකේ අන්තිමයි...පස්සෙ මම නිකා හිටියා...උඹ ගැයූ ගීයක් ඉවර වෙද්දි ඇහෙන...දහස් ගණන් අත්පල හඬ අතරට...මගේ කරගැට නැගුණ අත් දෙකෙනුත්...අත්පුඩියක් මුසුවුණේ නැති වුණාට...උඹ අමනාප නැති බව... මම දන්නවා...එදා ලුම්බිණිය...ඊට පෙර කවදාවත් නොවුණ විදියටකම්පනය වුණ බව...මම කියෙව්වේ පත්තරවලින්...ඒවා දැකලා... මම ඇඬුවෙ නැහැ කපූ...ඒත් මගේ ඇස් දෙකේ කඳුළු...දුක් කඳුළු ද - සතුටු කඳුළු ද මන්දා...
මට මතකයි උඹ ඉස්සර ගෙදර ඉඳලා...පයින් ම රජරට සේවෙට යන හැටි...කොහොමටත් උඹෙ සාක්කුවලඒ දවස්වල වුණත්...ඒ තරම් බරක් තිබුණෙ නැහැනෙ'අද නම් තේ බොන්නවත්සල්ලි නැහැ කපූ' කියලා කියනකොටගෝල්ඩ්ලීෆ් දෙකකට සල්ලි තියාගෙන...උඹෙ සාක්කු අප වෙනුවෙන් සුද්ද වුනාමට අමතක නෑරුපියල් දෙතුන් දාහක්බොහොම ලේසියෙන් ගන්න පුළුවන්ලොකු සංගීත සංදර්ශන තියෙද්දි...උඹ අතින් වියදම් කරගෙන...ගමේ ඉස්කෝලෙක තිබුණු - 'ගමේ වැඩකට' ගිහින්පහුවෙනිදා... හිස් අතින් - ඒත් බොහොම සතුටින්උඹ ආපහු ආවා - මට මතකයි...තාමත් උඹ එහෙම නේද?එහෙම නං... මම තාමත් උඹට ආදරෙයි!
- සංජය අරවින්දඅනුරාධපුරයේ දී...(පුවත්පතක සටහනක් ඇසුරෙන් උපුටා ගන්නා ලදි)
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
විචාරයක් ලිවීමට පිවිසෙන්න