නින්නාදේ
අපේ මිතුරා වෙත ලියමි
කපූ...
උඹ ලුම්බිණියේ...
'කම්පන' මංගල දර්ශනය... තිබ්බ දවසේ...
ඇවිත් උඹේ විඩාබර මුහුණ දකින්න
මට හොඳට හුරු උඹේ අඬහැරය අහන්න...
හරි ආසාවෙන් හිටියෙ...
ඒත් කපූ...
අපිට තාම රුපියල් සතවලින්
ඒ තරම් සහයෝගයක් නෑ...!
ආර්ථිකේ අන්තිමයි...
පස්සෙ මම නිකා හිටියා...
උඹ ගැයූ ගීයක් ඉවර වෙද්දි ඇහෙන...
දහස් ගණන් අත්පල හඬ අතරට...
මගේ කරගැට නැගුණ අත් දෙකෙනුත්...
අත්පුඩියක් මුසුවුණේ නැති වුණාට...
උඹ අමනාප නැති බව... මම දන්නවා...
එදා ලුම්බිණිය...
ඊට පෙර කවදාවත් නොවුණ විදියට
කම්පනය වුණ බව...
මම කියෙව්වේ පත්තරවලින්...
ඒවා දැකලා... මම ඇඬුවෙ නැහැ කපූ...
ඒත් මගේ ඇස් දෙකේ කඳුළු...
දුක් කඳුළු ද - සතුටු කඳුළු ද මන්දා...
මට මතකයි උඹ ඉස්සර ගෙදර ඉඳලා...
පයින් ම රජරට සේවෙට යන හැටි...
කොහොමටත් උඹෙ සාක්කුවල
ඒ දවස්වල වුණත්...
ඒ තරම් බරක් තිබුණෙ නැහැනෙ
'අද නම් තේ බොන්නවත්
සල්ලි නැහැ කපූ' කියලා කියනකොට
ගෝල්ඩ්ලීෆ් දෙකකට සල්ලි තියාගෙන...
උඹෙ සාක්කු අප වෙනුවෙන් සුද්ද වුනා
මට අමතක නෑ
රුපියල් දෙතුන් දාහක්
බොහොම ලේසියෙන් ගන්න පුළුවන්
ලොකු සංගීත සංදර්ශන තියෙද්දි...
උඹ අතින් වියදම් කරගෙන...
ගමේ ඉස්කෝලෙක තිබුණු - 'ගමේ වැඩකට' ගිහින්
පහුවෙනිදා... හිස් අතින් - ඒත් බොහොම සතුටින්
උඹ ආපහු ආවා - මට මතකයි...
තාමත් උඹ එහෙම නේද?
එහෙම නං... මම තාමත් උඹට ආදරෙයි!
- සංජය අරවින්ද
අනුරාධපුරයේ දී...
(පුවත්පතක සටහනක් ඇසුරෙන් උපුටා ගන්නා ලදි)
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.