ෆොරස්ට් ගම්ප් අසාමාන්‍ය පුද්ගලයකුගේ අපූර්ව දිවිසැරිය
About this book
මං ඉපදුණාට පස්සෙ මගේ අම්ම මට නම තිබ්බෙ ෆොරස්ට් කියලා. ඒකට හේතුව වුණේ සිවිල් යුද්ධයේදී සටන් කඵ ජනරාල් නාදන් වෙඩ් ෆොරස්ට්. මගේ අම්ම නිතරම කියපු
දෙයක් තමයි අපි ජෙනරාල් ෆොරස්ට්ගේ නෑදෑයො වෙන බව. කොහොම වුණත් එයා ශ්‍රේෂ්ඨ මිනිහෙක් කියලා අම්මා නිතරම කිව්ව. එයා තමයි යුද්දෙන් පස්සෙ නම නකමං
නක්ඛ කියන සංවිධානය හැදුවේ කියන එකත් අම්ම කියනව. ඒ අතරෙ ආච්චිත් ඒකම කිව්ව. ආච්චි කිව්වේ ඒ සංවිධානේ එච්චර හොඳ කල්ලියක් නොවන බවය. මාත් ඒ
කියමනට එකඟ වෙනවා. ඒ එයා ටවුමෙ තුවක්කු ස්ටෝරුවක් පවත්වා ගෙන ගිය හන්දා. මට අවුරුදු දොළහේදී විතර මං දවසක් ඒ පැත්තට ඇවිද ගෙන ගියා. මං ගිහිං
ස්ටෝරුවේ ජනේලයෙන් බලාගෙන හිටිය. ඇතුළෙ මිනිස්සු එල්ලල මරණ තොණ්ඩුවක් සහිත කඹයක් එල්ලි එල්ලි තිබුණ. මාව දුටු හැටියෙම ජෙනරල් කඹය බෙල්ල වටා
දාගෙන දිව එළියට දා ගත්තා. මිනිහෙක් එල්ලෙනවා වගේ. මං හොඳටම බයවුණා. මං දුවල ගිහිං අසල තිබු කාර් පාර්ක් එකේ කාරෙකක් පිටිපස්සෙ හැංගිලා හිටිය.
කවුරුහරි පොලීසියට කතා කරලා පොලිසියෙන් ඇවිත් මාව ගෙදර ගෙනගොස් අම්මට බාර දෙන තුරු. ජෙනරල් ෆොරස්ට් මොනව කළත් ඒ කල්ලිය පටන්ගත්තු එකනං
හොඳ අදහසක් නෙවෙයි. ඕනම මෝඩයෙකුට ඒක කියන්න පුළුවන්. කොහොම වුණත් මට මගේ නම ලැබුණේ එහෙමයි.
Details
ISBN
9789553311139
පිටු ගණන (Pages)
272
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review