Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

ස්ටීවන් හෝකිං

ප්‍රකාශක (Publisher): සුනෙර ප්‍රකාශන - Sunera Prakashana
ප්‍රවර්ග (Genre): විද්‍යා ප්‍රබන්ධ
About this book
ඔබ කියවන්නට යන මේ කෘතියට ප්‍රස්තුත වූ ස්ටීවන් හෝකිං ජීවත් වූ කාලයේත් ජීවිතයට සමුදුන් පසුවත් අදහන්නට වටින මිනිසෙක් කියා කටපුරා කියන්නට පුළුවන් වූ විදියට ජීවත් වූ අසමසම මිනිසෙකි.
ඔහු විද්‍යාඥයෙකි. එසේ මෙසේ විද්‍යාඥයෙක් නොව අයිසෙක් නිව්ටන් ඇල්බට් අයින්ස්ටයින්ට සමාන කළ හැකි මහා විද්‍යාඥයෙකි. ඔහු විද්‍යා ලේඛකයෙකි. ඔහු විසින් ප්‍රබන්ධිත කාලය පිළිබඳ සංක්ෂීප්ත ඉතිහාසය නම් පොත ලෝකයේ වැඩියෙන් අලෙවි වූ ජනප්‍රිය විද්‍යා පොත් අතර මුල්තැනට පත් කෘතියි. ඔහු 21 හැවිරිදි වියේදී මාරක රෝගයකට ගොදුරු වුණේය. මේ මාරක රෝගය උත්සන්න වී පොහෝ අවයව අප්‍රාණික වී රෝද පුටුවට ‌කොටු වුණේය. ස්ටීවන් හෝකිංට වැළදුණු මාරක රෝගයට ගොදුරු වූවකු සාමාන්‍යයෙන් ජීවත් වන්නේ අවුරුදු දෙකකට අඩු කාලයක් යැයි වෛද්‍යවරු අවධාරණයෙන් කියා සිටියෝය. එහෙත් මේ රෝගය සමඟ ඔහු අවුරුදු 54 ක් ජීවත් වුණේය. මරුවා දොරට තට්ටු කැද්දී පොඩ්ඩක් ඉන්න මට තව වැඩ කරන්න තිබෙනවා යැයි කියමින් ඔහු බොහෝ වැඩ කළේය. පොත පත ලීවේය. විශ්වය පිළිබඳ නොවූ විරූ මති මතාන්තර පළ කළේය. රෝද පුටුවට ‌කොටු වී සිටියත් ලොව පුරා සරි සැරුවේය.සීතලෙන් සීත වුණු ඇන්ටාටිකාවට පවා ගියේය.
එසේ වූ ස්ටීවන් හෝංකිට අපේ කාලයේ විශ්ව කර්ම මිනිසා යැයි අප කියන්නේ නිකමට නොවේ. ඔහු හඳුනාගන්න වටින අසමසම මිනිසෙක් නිසා ය.
ISBN
9789550079988
පිටු ගණන (Pages)
106
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ස්ටීවන් හෝකිං

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.