Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

පශ්චාත් නූතනවාදය හැඳින්වීමක්

කේ. කේ. සමන් කුමාර

තවම සමාලෝචන නැත
🌐 Sinhala 📚 1 ප්‍රකාශන Out of Stock

මුද්‍රණ සහ ප්‍රකාශන 1

Customer Reviews 1
  1. 'පශ්චාත් නුතනවාදය, හැඳින්වීමක් - කේ. කේ. සමන් කුමාර' සහ 'පශ්චාත් නව්‍යවාදය [කෙටි හැඳින්වීමක්] - මහාචාර්ය විමල් දිසානායක' : සංකීර්ණත්වය සාරාංශ කිරීම.
    මෙය අහස මීඩියා - Ahasa Media Works ප්‍රකාශනය පිළිබඳ විචාරයකි
    'පශ්චාත් නුතනවාදය, හැඳින්වීමක්' හා 'පශ්චාත් නව්‍යවාදය [කෙටි හැඳින්වීමක්]' පොත් දෙක (02) තුලම ඇත්තේ ඉතා විශාල සංකල්ප ප්‍රාමාණයක් සංක්ෂිප්ත කර දැක්වීමකි.

    මෙය 'දහනව සියවසේ' අග භාගයේ සිට 'විසිවන සියවසේ' අග භාගයේ දක්වා විහිදෙමින් ලියවුනු පොත් දෙකකි. (02)

    ඔබට පශ්චාත් නව්‍යවාදය වටහා ගැනීමට මෙම පොත් දෙක (02) පමණක් ප්‍රමාණවත් නොවේ.

    මෙය ආරම්භය පමණි.

    'පසු නුතනවාදය' හඳුනාගැනීමට මෙම පොත් බොහෝ විට දෙවරක්වත් කියවිය යුතුයි.

    පොත් දෙකම ගැඹුරු දාර්ශනික සංකල්ප රැසක් ඉතාම හැකි අයුරින් සංක්ෂිප්ත ලෙස කියවන්නාට ලබාදීමට තැත්කර ඇත.

    මෙම පොත් දෙක (02) නැවත නැවත කියවීමට සිදුවීම වැළක්විය නොහැක. මන්දයත් සංකල්පයන් එතරම් ගැඹුරුයි.

    'පශ්චාත් නුතනවාදය, හැඳින්වීමක්' නම් පරිවර්තනය [කේ. කේ. සමන් කුමාර] ඉතාමත් සංකීර්ණ නමුත් වැදගත් කෘතියකි. එහි පිටකවරය නිර්මාණය කළ 'මො.ල. සෙනවිරත්න' මහතාගේ 'අරමුණ කුමක්ද ?' යන ප්‍රශ්නය, පොත කියවන්නාට සිත තුළ ජනිත වන ප්‍රශ්නයකි.

    මා සිතන්නේ ඒ අසරණ වූ 'මරලින් මොන්රෝ' [Marilyn Monroe] මගින් නිරූපිත සමස්ත අසරණ ස්ත්‍රියයි. එය සංකේතාත්මකව කරන ලද නිර්මාණයකි.

    කෙසේ වෙතත් 'පශ්චාත් නුතනවාදය' ඉගෙනීමට උදව් වන 'හැඳින්වීමක්' ලෙස මෙම පොත් දෙක (02) හැඳින්වීය හැක.
    Dimantha ·

මෙම කෘතිය ගැන ලියන්න