Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

සමුද්ද යාතිකාව

ගංගා නිරෝෂණී සුදුවැලිකන්ද · Khaled Hosseini

තවම සමාලෝචන නැත
🌐 Sinhala 📚 1 ප්‍රකාශන Out of Stock

මුද්‍රණ සහ ප්‍රකාශන 1

Customer Reviews 1
  1. මුහුදට කරන මානුෂීය යාතිකාව - සමුද්ද යාතිකාව : කලෙඩ් හොසේයිනි - සිංහල පරිවර්තනය : ගංගා නිරෝෂිනී සුදුවැලිකන්ද
    මෙය විදර්ශන ප්‍රකාශන - Vidarshana Publishers ප්‍රකාශනය පිළිබඳ විචාරයකි
    මෙම පොතට පිටු සංඛ්‍යාවක් නොමැත.

    මෙය රූපමය හා භාෂාත්මක සංකලනයක් හරහා මානවවාදී පණිවිඩයක් ලබාදීමට දරණ සාහිත්‍යමය නිර්මාණයකි.

    මෙය කාලිඩ් හුසෙයිනි ගේ 'Sea Prayer' කෘතියේ සිංහල පරිවර්තනයයි.

    2004 වසරේදී එනම් මා 9 වසරේදී (අවුරුදු 14දී) ශ්‍රී ලංකාවට පැමිණි සුනාමි ස්වභාවික ව්‍යසනයද මෙම කෘතියේ මුහුදට කරන අයචනාත්මක යාතිකාව සම්බන්ධ කර ගත හැක.

    මා 9 වසරේදී සුනාමිය විහිළුවක් වුවද මා දැන් වයස අවුරුදු 27ක් වන විට මෙම පොතේහි බලපෑම නිසා විහිළුවක් මෙන් නොදැනේ.

    මා හට සුනාමිය විහිළුවක් වුවා යැයි කීම මෙම විචාරය කියවන්නා මවිත කරණු ඇත.

    සරලව එහි අර්ථය වූයේ මට එහි ඇති ගැඹුර ආර්ථිකමය, දේශපාලනික, සමාජයීය හා සංස්කෘතික අර්ථයෙන් මෙන්ම පෞද්ගලිකව අඩු කම්පනයක් සිදුකිරීමයි.

    එනමුදු මා හා මාගේ පවුලේ අය හැකි පමණින් අසරණ වුවන්ට ආධාර ලබාදුන්නෙමි.

    නමුත් අදාළ ව්‍යසනයකට මුහුණ දුන් අයගේ මානසිකත්වය ඉතාම සංවේදී හා මානුෂිය භාෂා භාවිතයක් හරහා පාඨකයා වෙත ගෙන හැර පෑමට මෙම කෘතියද සමත් වී ඇත.

    මෙම කෘතිය තරමක් දේශපාලනික ආකෘතියක් ගත්තද, එහි යාතිකාව සිදුවන්නේ මුහුදෙන් ගමන් කරන සරණාගත දරුවකුගේ ආරක්ෂාව පතාය.

    එමනිසා මෙය ශ්‍රී ලංකාවටද ගැඹුරින් අදාළ වේ.

    ශ්‍රී ලංකාවේ පැවති තිස් වසරක සිවිල් යුද්ධයද මෙවැනි සරණාගතයින් ඇතිවීමට හේතු විය.

    එමනිසා මෙම සාහිත්‍යය කෘතිය සිරියානු අර්බුධය මුලික කරගෙන නිර්මාණය වුවද විශ්වීය වැදගත්කමකින් යුක්ත වේ.

    මෙම කෘතියේ එන චිත්‍ර නිර්මාණය කර ඇත්තේ 'ඩෑන් විලියම්ස්' ය.

    ඉතාමත් හොඳ කියවීම් අත්දැකීමකි.

    පිටු 20 කි. මිල රු. 350 කි.
    Dimantha ·

මෙම කෘතිය ගැන ලියන්න